(*** නිමන්ති රණසිංහ සහ *** ඉන්දිකා රාමනායක)
මෙරටින් පලාගොස් ඉන්දියාවේ සැඟවී සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ මද්දුමගේ ලසන්ත චමින්ද පෙරේරා නොහොත් “අංගොඩ ලොක්කා” විෂ ශරීරගත කිරීමෙන් ඝාතනය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
විෂ ශරීරගත වීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයේ පසු වූ “අංගොඩ ලොක්කා” ඉන්දියාවේ බැංග්ලෝර් ප්‍රාන්තයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු ඉකුත් 03 වැනිදා මෙලෙස මියගොස් ඇති බව එම ආරංචි මාර්ග පවසයි.
මෙරටින් ඉන්දියාවට ගිය කාන්තාවක විසින් ශක්තිජනක පානයකට විෂ වර්ගයක් මුසුකර එය පානය කිරීමට සැලැස්වීමෙන් මෙම ඝාතනය සිදුකරනු ලැබ ඇති බවත්, සතියක පමණ කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ‘අංගොඩ ලොක්කා” මෙලෙස මරුමුවට පත්ව ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
එලෙස මිය ගිය ‘අගොඩ ලොක්කාගේ” අවසන් කටයුතු ඉන්දියාවේ තමිල්නාඩුවේ කොයිම්බතූර් ප්‍රදේශයේ දී සිදුකර ඒ පිළිබඳව සකස් කළ වීඩියෝ පටයක් ඔහුගේ සහෝදරිය වෙත නැරඹීමට සලස්වා ඇති බවට ද ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය පිටුපස තවත් ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු සිටින අතර, ඔහු විසින් මෙම කාන්තාව ඉන්දියාවට යවා මෙම ඝාතනය සිදුකරනු ලැබ ඇති බවත් මෙම කාන්තාව ද අංගොඩ ලොක්කා විසින් සිය ගෝලයන් ලවා ඝාතනය කරන ලද පුද්ගලයකුගේ බිරිඳක් බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම තැනැත්තිය රූපලාවණ්‍ය ශිල්පිනියක වන අතර කලකට පෙර සිට අංගොඩ ලොක්කාගේ හිතවතියක ලෙස සිටිමින් වරින් වර ඉන්දියාවට ගොස් ඔහු මුණ ගැසී ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් වූ නිල තොරතුරක් මේ වන තෙක් මෙරටට ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ලංකාදීපයට ඊයේ (22) පැවසීය.
කළුතර උතුර එතනමඬල ප්‍රදේශයේ දී බන්ධනාගාර බස්රථයකට වෙඩි තබා පාතාල නායක අරුණ උදයශාන්ත නොහොත් ‘සමයං’ ඇතුළු හත් දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පොලිසීය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ‘අගොඩ ලොක්කා’ සහ ඔහුගේ ගෝලයකු වන දිනමුල්ල කංකානම්ගේ නලීන් චතුරංග නොහොත් ‘ලඩීයා’ යන තැනැත්තා ඉන්දියාවේ චෙන්නායි පොලිසිය විසින් ඉකුත් 2017 මැයි මස 22 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූහ.
ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර දෙකක් සන්තකයේ තබාගෙන සිටි මෙම සැකකරුවන් දෙදෙනා ඉන්දියාවේ චෙන්නායි සිට වෙනත් රටකට යෑම සඳහා සූදානමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවත්, පසුව කරනු ලැබූ විමර්ශනවලට අනුව ශ්‍රී ලංකා පොලීසිය විසින් සොයමින් සිටින අපරාධකරුවන් දෙදෙනකු බවට අනාවරණය වීමෙන් චෙන්නායි පොලසීය ඔවුන් අත්අඩංගුවට ගනු ලැබූ බවත් වාර්තා විය.
ඒ අනුව චෙන්නායි පොලීසිය ශ්‍රී ලංකා පොලීසියට මෙම සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දී ඇති අතර, උදර්පන නීතිය යටතේ මොවුන් දෙදෙනා මෙරටට භාරදීමට එරට පොලීසිය ඒ දිනවල දී කටයුතු යොදමින් සිටියේය.
ඒ අතර, ඇප මත පොලිසියෙන් එළියට ගොස් සිටි මොවුන් නැවතත් රහසේ වෙනත් ප්‍රාන්තයකට පලා ගිය බව ද වාර්තා විය.
කළුතර බන්ධනාගාරයේ සිට කොළඹ බන්ධනාගාරයට රැගෙන එමින් සිටි සමයං ඇතුළු සැකකරුවන් රැගත් බස්රථය ආයුධ සන්නද්ධ නාඳුනන පුද්ගලයන් 20 දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් විසින් නවතනු ලැබීමෙන් පසුව මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණේ ඉකුත් 2017 වසරේ පෙබරවාරි මස 27 වැනිදාය.
මෙම සිද්ධියට අදාළව පොලීසිය විසින් අංගොඩ ලොක්කා නැමැත්තා ප්‍රධාන සැකකරුවකු ලෙසට නම් කරනු ලැබ සිටි අතර, මෙම සිද්ධියෙන් පසු ඔහු ඉන්දියාවට පලා ගිය බවට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කර තිබිණි.
මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් තර්ජනය කළැයි කියන සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවක් ද අංගොඩ ලොක්කාට එරෙහිව පවතියි.
තමන් අංගොඩ ලොක්කා බවත් මුල්ලේරියාව ප්‍රදේශයේ සිටින ධනවත් ව්‍යාපාරිකයන් සාමාන්‍ය මිනිසුන් හූරා කන බවත්, ඔවුන් විශ්වාස නොකළයුතු බවත් පවසමින් මෙම දුරකතන ඇමතුම ලද බව මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා සිය පැමිණිල්ලෙන් අධිකරණයට දැන්වීය.
තමන්ට මුල්ලේරියාව සමාජයෙන් හිරිහැර වූ බවත්, තමන්ට ඇප දීමට පැමිණි පුද්ගලයන් පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට රැගෙන ගොස් හිරිහැර කරන බවත් හොඳ මිනිසුන්ට එසේ හිරිහැර නොකළ යුතු බවත් පවසා එම දුරකතන ඇමතුම දුන් බවද පොලිස් ස්ථානාධිපතිවරයා සිය පැමිණිල්ලෙන් සඳහන් කර ඇත.
අංගොඩ ලොක්කා තමිල්නාඩුවට ගෙන්වාගෙන රැකවරණය ලබා දී ඇත්තේ මෙරට සිටි තවත් සංවිධානාත්මක අපරාධකරුවකු වූ කිඹුලා ඇළ ගුණා නමැත්තා බවද සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆිල්ම් එකක කතාවක් වගේ.
මේක පොලිසියෙන් ගැලවෙන්න කළ බොරුවක් වෙන්න පුළුවන්...
හා ..අපි පිළිගන්නම්.. ඔහොම මැරුණ කිව්වම ලොකු ලොක්කන්ගේ කැරැට්ටුව එළිවෙන එකත් එහෙමම නවතිනවනේ.. නාකොටික් අයගේ වැඩ දැන් ටිකටික එළිවෙනවා.
මෙය තවත් නාටකයක් පමණයි. මේවා විශ්වාස කරන්න යන්න එපා.
අංගොඩ ලොක්කා කියලා ෆිල්ම් එකක් හැදුවොත් නරකද.?
කොන්ඩේ බැදපු චීන්නුවත් මේ සුරංගනා කතා පිළිගන්නේ නැහැ.
බොරු ප්‍රචාර.. එහෙම වුණානම් ළඟදිම මෘතදේහය ලංකාවට එයි නේද?
මෙවැනි කුඩු රජෙකුගේ මියයාම රට, ජාතිය වෙනුවෙන් විශාල සතුටට කාරණයක්.. මන්දයත්, මේ නරුමයන් විසින් මේ රට, මේ ජාතිය වැනසීමට ගත් හා ගන්නා උත්සාහය නිසා, රට, ජාතිය විනාශය කරා පියනැගීම නිසාය. කෙසේවෙතත්, කුඩ්ඩන් පාතාලයන් මැරයන් ඇතුළු බොහෝ මේ කල්ලි එකිනෙකාගේ බලඅරගල උදෙසා සටන් වැදීම නිසා කලකදී ඔවුනොවුන්ම ඇණකොටාගෙන මිනීමරා ගැනීම සිදුවීම සත්‍යයක්... එබැවින්, එකෙක් මැරුණට තව සිය ගණනක් එම කල්ලිවලින් හිස ඔසවනවා ඇති. මේ පිළිකාව සැවොම එක්ව, එක්සිත්ව පක්ෂ, පාට දේශපාලනය ආදි කිසිවක් නොගෙන, ජාති, ආගම්, කුලමල භේද ආදී කිසිදු භේදයක් නොමැතිව, එකා මෙන් එක්ව එක්සිත්ව මෙල්ල කළයුතු දෙයක්...
බොරුවක්... ඇයි මෘත ශරීරය ගේන්න බැරි? ඒක බොරුවක්...
බොරු කතා හදන්න එපා. අපි හාවෝ නෙමෙයි.
වැඩ පෙන්නන්න හදාගත්ත ඡන්ද ගුණ්ඩුවක්...
මෙතනනම් මොකක් හරි අවුලක් තියනව අර්ජුන් මහේන්ද්‍රන් නම වෙනස් කලා වගේ පොඩි තමිල්නාඩු රගදැක්ව්මක් ඔන්න අපි ටිකට් ගත්ත ෆිල්ම් එක බලන්න
ඔය හැම කුඩුකාරයාම රැකෙන්නේ කවුරු හරි බලවත් පුද්ගලයකු නිසයි.
මැරුණාද කියලා හරියටම දැනගැනීමට අවශ්‍යයි. ඒ සඳහා විධිමත් පරීක්ෂාවක් කළයුතු වේ.
වස දීලා කියන එක පිළිගන්න බැහැ. මේ වගේ අය තුවක්කුවෙන් පිට උත්තර හොයන්න දන්නේ නෑ. වෙඩි තැබීමක් වුණා නම් ඒක ප්‍රවෘත්තියක් වෙනවා. මේක හොරෙන් වුණු මිනීමැරුමක් බව පෙන්වන්න හදන බව පේනවා. අනික මේ වගේ අය මරන්න ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා ඇර වසවිස දිදී හුරතල් කරන සිරිතක් නෑ. මේ අයට තුවක්කු බලය තිබුණාට කතාවක් ගොතා ගන්න තරමට මොළයක් නෑ.
අංගොඩ ලොක්කා කීයක් දුන්නාද? දැන් හරිනේ... චැප්ටර් ක්ලෝස්ඩ්...
කිඹුල් ඇලේ ගුණා කියන හැංගි හැංගි ඉන්න හාදයා කී පාරක් මැරුණා කියලා ආරංචි වුණාද? කෝ තාම ඉන්නේ...?
ඡන්දෙ දීලා තුනෙන් දෙකක් අරන් දීලා චිත්‍රපටිය බලමු. අපි රැවටෙන්නම්.. ඔබට සතුටුයිද සර්..?