
(ජයන්ත සමරකෝන්)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල හා මත්කුඩු අපරාධකරුවන් හා සමීප සබඳතා පවත්වා ඇති බවට සැකකරන නිලධාරීන් 15දෙනෙකු පිළිබඳව බුද්ධි අංශ මගින් තොරතුරු හෙළිකරගෙන ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
සීසීටීවී කැමරා ඔස්සේ බුද්ධි අංශ නිලධාරීන් විසින් කරන ලද නිරීක්ෂණයට මෙම නිලධාරීන් පිළිබඳ තොරතුරු හෙළි වී ඇතැයිද පැවසේ.
මෙම නිලධාරීන් අතර ජේලර්වරුන් හා නියාමකවරුන් කිහිපදෙනෙකු සිටින බවද, දැනගන්නට තිබේ.
මීට පෙර හඳුනාගත් නියාමකවරයා පිළිබඳ වාර්තාවක් බන්ධනාගාර මූලස්ථානය වෙත යවා ඇති අතර මෙම නිලධාරීන් පිළිබඳව ද බන්ධනාගාර මූලස්ථානය වෙත වාර්තා කිරීමට නියමිතය.
මේ වනවිට දිවයිනේ දරුණු ගණයේ පාතාල අපරාධකරුවන් හා මත්කුඩු ජාවාරම්කරුවන් 131දෙනෙකු බූස්ස බන්ධනාගාරයේ විශේෂ තනි සිරකුටිවල රඳවා සිටිති.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බූස්සේ අපරාධකරුවන් හා සබඳතා පැවැත්වූ නිලධාරීන් 15ක් හඳුනාගැනේ
ලලිත් අම්බලන්ගොඩ Tuesday, 28 July 2020 12:41 AM
තවදුරටත් සොයා ගියොත් මේ අය අතරේ අපේ දේශපාලකයින් ඕනෑතරම් ඇති. දේශපාලකයින්ගේ සහභාගිත්වයෙන් තොරව මේ රටේ අපරාධ සිදුවන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමනි, තැබූ පියවර ආ පස්සට ගන්න එපා. මේ එකෙක්වත් එල්ලා මරන්න ඕනෑ නැහැ. ඔන්න ඔහොම තනි තනි කාමරවල දමලා ඉන්න දුන්නාම ඇති. ඔය අපරාධකරුවන් මැරෙන්න ඕනෑ විඳවලා... මේ අතර ලංකාවේ නිලධාරිවාදයත් ඉක්මණින්ම තුරන් කරන්න. නිලධාරි වාදය කියන්නේ, පාතාලයට වඩා දරුණු එකක්. මේ ලියන මම වසර 8කුත් මාස 6 ක් දුක් විඳිනවා.. නිලධාරින් මගේ රස්සාව අහිමි කරලා. මගේ උස අඩි 5 යි අගල් 3 යි. නමුත් මගේ රස්සාව සම්බන්ධයෙන් මම ලියපු ලිපිගොනුවල උස දැන් අඩි 6 කට වැඩියි. කරපු මහා පරිමාණයේ රාජ්‍ය දේපළ වංචාවක් සදහටම වසන් කරන්න තමයි මගේ රස්සාව නැති කලේ. ඒ නිසා නීතිය රජ කරවන්න. පාතාලය සහ කඩු ගැන පමණක් හිතන්න එපා. නිලධාරිවාදය ඊට වඩා අති භයානකයි. නිලධාරින් කරන වැරදි අසාධාරණ වැඩ නිසා පාතාලය බිහිවෙන්න පුලුවන්. නිලධාරින් මෙන්ම පොලිසිය කරන අසාධාරණ වැඩ නිසා පාතාලය බිහිවෙන්න පුලුවන්. මේ ගැන හොඳ සමීක්ෂණයක් කරන්න. මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඔබතුමාට මේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. වැඩේට අත ගහන්න.