අර්බුදයෙන් ගොඩයන්න දැඩි තීන්දු ගන්නවා පසුගිය මාස දෙක තුළ මහජනතාව විඳි දුක් කම්කටොළු ගැන මා ඉතා සංවේදීයි. ඒ ගැන කළ හැකි උපරිම දේ අප කළත් අපගේ පාලනයෙන් බැහැර හේතූන් නිසා එම තත්ත්වය තවදුරටත් පවතින බව මා දන්නවා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් පැවැසීය. 16 March 2022
යුරෝපා කවුන්සිලයෙන් රුසියාව නෙරපයි යුරෝපා කවුන්සිලයෙන් රුසියාව නෙරපා හැරීමට යුරෝපා කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවේදී තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 16 March 2022
පුටින්ගෙන් ජෝබයිඩන්ට සම්බාධක ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ඉහළ පෙළේ ඇමෙරිකානු නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව රුසියාව සම්බාධක පැනවූ බව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කළේය. 16 March 2022
සජබ විරෝධතාකරුවෝ ජනපති ලේකම් කාර්යාලය වටලති දරාගත නොහැකි ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඉන්ධන සහ ගෑස් අර්බුදය, විදුලි කප්පාදුව ඇතුළු ජනතාව මුහුණ දෙන පීඩනය මුල් කර ගනිමින් රජයට එරෙහිව සමගි ජන බලවේගය සංවිධානය කළ දැවැන්ත විරෝධතාවය දිවයිනේ නන් දෙසින් පැමිණි අති විශාල ජන ගංගාවකගේ සහභාගිත්වයකින් කොළඹ දී (15) පස්වරුවේ පැවැත්විණි. 15 March 2022
සජබ සමඟ කොළඹට ජන ගඟක් ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය මේ වන විට අරඹා ඇති උද්ඝෝෂණය හා විරෝධතා පාගමන් හේතුවෙන් කොළඹ නගර ශාලාව අවට සහ තවත් ස්ථාන කිහිපයක මාර්ග අවහිර වී තිබේ. 15 March 2022
ජනපති හෙට ජාතිය අමතයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනිද්දා (16) පස්වරුවේ ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 14 March 2022
වේයො හදපු තුඹසට පොළඟෙක් රිංගුවා බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටුවට පැමිණීම හරියට වේයො හදපු තුඹසට පොළඟෙකු රිංගුවා හා සමාන ක්‍රියාවකැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය. 13 March 2022
‘‘ජනතාවට පාරට බැසීම හැර වෙන කරන්න දෙයක් නෑ‘‘ මහ ජනතාවට පාරට බැසීම හැර වෙන කරන්න දෙයක් නෑ. ඔළුවේ ප්‍රශ්න ගොඩාක් තියගෙන කරන්න දෙයක් නැති නිසා ඉන්නවා. අද මේ රට ආහාර ඇතුලු අර්බුද රැසකට මුහුණ දෙනවා. පසුගිය වසර දෙකේදි රජය තීන්දු තීරණ ගද්දී අපි සම්බන්ධ කර ගත්තේ නෑ යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බදුල්ලේදි පැවැසීය. 12 March 2022
සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසයි. 12 March 2022
පාන් පිටි මිලත් ඉහළට ශ්‍රී ලංකාවට තිරිඟු පිටි (පාන් පිටි) ආනයනය කරන සමාගම් දෙකෙන් එකක් වන සෙරෙන්ඩිබ් සමාගම පාන් පිටි කිලෝවක් රුපියල් 35 කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ. 11 March 2022
අයි.ඕ.සී. ඉන්ධන මිල යළිත් ඉහළට ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී) ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50 කින් ඉහළ දමා තිබේ. 11 March 2022
ඩොලරය රුපියල් 260 ට නගී ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාණිජ බැංකු කීපයක් එම බැංකුවල අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ක් ලෙසද, ඩොලරයක ගැනුම් මිල රුපියල් 250 ක් ලෙස ද, ඔවුන්ගේ වෙබ් අඩවිවල පළ කර තිබේ. 10 March 2022
භාණ්ඩ 367ක් ආනයනයට තහංචියක් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය කිරීම පාලනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 09 March 2022
විදුලිය - ඉන්ධන භාවිතයට දැඩි සිමා ඩොලර් හිඟය හමුවේ රජයේ සියලුම ආයතනවල විදුලිය සහ ඉන්ධන භාවිතය දැඩි ලෙස සීමා කිරීමට රජය තීරණය කර ඇත. 09 March 2022
සුනාමියෙන් බේරුණ තංගල්ලේ දැරිය මැදිරිගිරියෙන් හමු වෙයි තංගල්ලෙන් සුනාමියට හසු වූ පස් හැවිරිදි දියණිය වසර 18 කට පසුව දෙදරු මවකව සිටිය දී මැදිරිගිරිය ප්‍රදේශයේ පාළු නිවෙසකින් හමුවීමේ පුවතක් ලෝක කාන්තා දිනය දා අපට වාර්තා විය. 08 March 2022
’’රාජා’’ ජාතික වස්තුවක් ලෙස නම් කරයි නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බුද්ධ ශාසන හා ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට ඊයේ උපදෙස් දුන්නේය. 07 March 2022
’’රාජාට’’ ගෞරව දක්වන්න මහසෙනගක් මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කළ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7) අලුයම 5.30 පමණ මියගොස් ඇත. 07 March 2022
තෙල් සංස්ථාව සී.සී.ටී.වීවලට ලක්ෂ 500ක් වැය කරලා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෝටි පහක මුදලක් වැයකර ආරක්ෂක කැමරා සවිකර ඇති බව එම සංස්ථා ආරංචි මාර්ග කියයි. 07 March 2022
ගුවන් තහංචි දැම්මොත් බලාගෙනයි යුක්රේන ජනාධිපතිවරයාගේ කීමට හිස නමා, යුක්රේනයට ඉහළ අහස රුසියන් ගුවන් යානාවලට තහනම් කළොත්, බටහිර රටවලට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා තිබේ. 06 March 2022
කොවිඩ් සිරුරු ඕනෑම සුසාන භූමියක වැළලීමට අවසර කොවිඩ් වැළඳී මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු මින් ඉදිරියට මෙරට ඕනෑම සුසාන භූමියක වැළලීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවසර ලබා දී ඇත . 05 March 2022
ජනපති ගෝඨාභය යටතේ මින් ඉදිරියට ඇමැති ධූර බාර ගන්නේ නෑ වර්තමාන ජනාධිපතිවරයා යටතේ මින් ඉදිරියට ඇමතිධූර බාර ගැනීමට කිසිදු සූදානමක් නැතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 04 March 2022
විමල් - උදය අමත්‍ය මණ්ඩලයෙන් ඉවතට අමාත්‍ය විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ මීට සුළු මොහොත කට පෙර අමාත්‍ය ධූරවලින් ඉවත් කළ බව රජයේ ආරංචි මාර්ග කියයි. 03 March 2022
රුසියාවට එරෙහි යෝජනාවක් සම්මත කර ගනියි රුසියානු හමුදා යුක්රේනයේ සිදු කරන හමුදා මෙහෙයුම කොන්දේසි විරහිතව නතර කළ යුතු බවට එකසත් ජාතීන්ගේ මහ සමුළුව යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත කර ගෙන ඇත. 03 March 2022
ඊ.ටී.එෆ්-ඊ.පී.එෆ් අධිබාර පනතින් ඉවතට ? සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ඇතුළු අරමුදල් 13ක් අධිභාර පනත් විධිවිධාන කෙටුම්පතින් ඉවත් කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (02) දැනුම් දුන්නේ ය. 02 March 2022
රුසියානුවන් පහර දෙන්නේ රික්තක බෝම්බවලින් රුසියාව යුක්රේනයට ‘රික්තක’ බෝම්බවලින් පහර දෙන බව ඇමෙරිකාවේ යුක්රේන තානාපති ඔක්සානා මර්කරෝවා පවසා ඇත. තානාපතිවරයා මෙසේ පවසා ඇත්තේ යුක්රේනයෙන් ලැබෙන හමුදා තොරතුරු පාදක කර ගනිමිනි. 01 March 2022
යුක්රේන ජනපති මරන්න ආ චෙච්නියා සෙබළුන් මැරුම්කයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඝාතනයට පැමිණි චෙච්නියානු විශේෂ බළකා සෙබළුන් කණ්ඩායමක් මරා දමමින් රුසියානු හමුදාවන්ට විශාල හානියක් සිදු කිරීමට යුක්රේන හමුදාවෝ සමත් වූහ. 28 February 2022
දවස් 10 ක් අල්ලන් හිටියොත් පුටින් පරදිනවා රුසියානු හමුදා තව දවස් 10 ක් ඇතුලත යුක්රේන මෙහෙයුම අවසන් නොකළහොත් අකමැත්තෙන් හෝ රුසියානු රජයට යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි සමග එකඟතාවයකට පැමිණීමට සිදුවන බව එස්තෝනියාවේ හිටපු හමුදා ප්‍රධානී රිහෝ ටෙරාස් පවසයි. 28 February 2022
හිටපු ජනපති මෛත්‍රි දිවුරයි පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ කිසිඳු තොරතුරක් තමන් දැන නොසිටි බවට බෞද්ධයෙක් ලෙස බුදුන් වහන්සේගේ දෙපා නැමද හෝ ඕනෑම තැනක කුරුසියේ අතගසා කිව හැකි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 27 February 2022
යුක්රේනුවන් රට රකින්න මාරාන්තික සටනක රුසියානු හමුදා කියෙව් නගරය වට කර තිබුණත් යුක්රේන හමුදාව තම ජනතාව සමග එකතු වී කියෙව් අගනුවර සාර්ථකව ආරක්ෂා කරගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි. 27 February 2022
වැඩ කරන කාලය වැඩි කර දවසක් අඩු කරන්න යෝජනා ඩොලර් හිඟයත් සමඟ ඇතිව තිබෙන ඉන්ධන අර්බුදය හමුවේ ,රටේ ආර්ථිකය කඩා වැටීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් රජයට ඉදිරිපත් කරනු ලැබ ඇත. 26 February 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026