දිඹූලාගල විදුලිය කපයි: භික්ෂූන්ගේ ජීවිත අවදානමක
සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් වැඩ වෙසෙන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය දෙවන වරටත් අද විසන්ධි කිරීමෙන් එහි වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලා දැඩි අසීරුතාවට පත්ව සිටි බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලං කාර නාහිමියෝ පැවසූහ.