(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය ලෝක වාර්තාවක් ද සමගින් ජය ලැබීමට සමත් විය.
එහිදී පළමුව පන්දුවට පහර දුන් සත්කාරක දකුණු අප්‍රිකානු පිල ඕවර 50 යේදී කඩුලු 5 ක් දැවී ලකුණු 301 ක් රැස්කළ අතර ශ්‍රී ලංකා පිල එම ඉලක්කය ඕවර 44.3 කදී කඩුලු 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
මෙය ලෝක කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ජාත්‍යන්තර තරගයකදී හඹාගොස් ජය ලැබූ ඉහළතම ලකුණු සංඛ්‍යාව මෙන්ම ලකුණු 300 ක් හෝ ඊට වැඩි ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජය ලැබූ පළමු සහ එකම අවස්ථාව ද මෙය වේ.
ඕස්ටේ්‍රලියානු කාන්තා ක්‍රිකට් පිල 2012 වසරේ නවසීලන්තයට එරෙහිව ලකුණු 289 ක් හඹාගොස් ජය ලැබීම මීට පෙර හඹාගොස් ජය ලැබීමේ ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙස පැවතුණි.
මෙහිදී ශ්‍රී ලංකා පිල රැස්කළ ලකුණු 305 ලෝක කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ඉනිමකදී රැස්කළ දෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ද වන අතර දකුණු අප්‍රිකාව 2017 වසරේ එංගලනත්යට එරෙහිව ලකුණු 374 ක් රැස්කරමින් එහි ලෝක වාර්තාවට හිමිකම් කියයි.
මෙහිදී ශ්‍රී ලංකා පිලේ නායිකා සුපිරි පිතිකාරී චමරි අතපත්තු අතිවිශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් සිය එක්දින ක්‍රිකට් සිටියේ ඉහළතම ඉනිමක ලකුණු සංඛ්‍යාව ලෙස නොදැවී ලකුණු 195 ක් රැස්කිරීමට සමත් වූවාය.
චමරිගේ මෙම ලකුණු 195 ලෝක කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී ක්‍රීඩිකාවක් රැස්කළ තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ද වේ. නවසීලන්තයේ අමීලියා කීර් (නොදැවී 232) සහ ඕස්ට්‍රේලියාවේ බෙලින්දා ක්ලාක් (නොදැවී 229) පමණක් චමරිට ඉදිරියෙන් සිටිති.
චමරි පන්දු 139 කදී හතරේ පහර 26 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 195 රැස්කළ අතර ශ්‍රී ලංකා ජයග්‍රහණය චමරි හයේ පහරකින් සටහන් කිීම ද මෙහිදී කැපී පෙනුණි.
ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්වති එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් විය.
ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තුන් දින වියට්නාම් සංචාරය නිමා කර මෙරටට අද (06) පස්වරුවේ පැමිණි බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප
පළාත් පාලන මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් වීමෙන් දින 21ක් ඇතුළත සිය වියදම් වාර්තා දිස්ත්‍රික් තේරීම් බැහැර නිලධාරීවරුන්ට භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන
ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පියෙකු සහ පුතෙකු අතර ඇති වූ ගැටුමකින් පුතා විසින් එල්ල කළ යකඩ පොලු පහරකින් පියා මියගොස් ඇතැයි මකුළුගස්වැව පොලිසිය කියය
ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 4 - 6 දක්වා වියට්නාමයේ කළ සංචාරය පිළිබඳව රාජ්‍යයන් දෙක විසින් කරුණු 28කින් යුක්තව ඒකාබද්ධ නිවේදනයක් නි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
Senarath Friday, 19 April 2024 09:40 AM
ඔබ සැමට අපේ සුබ පැතුම් අපරාදේ චමරිට 200 මිස්වුණේ