‘‘ආණ්ඩුවේ ගින්දර පිටට නොදෙනු‘‘ ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න ඇතුළේම සාකච්ඡා කර විසඳාගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ගෙන් ඉල්ලීමක් කර ඇත. 26 October 2021
සජබ මන්ත්‍රීවරු දෙදෙනෙක් වගකීම් අත්හරිති? සමගි ජන බළවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චම්න්ද විජේසිරි යන මහත්වරුන් ඔවුන් දරණ වගකීම් සහ ආසන සංවිධායක ධුරවලින් ඉවත් වීමට කටයුතු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 25 October 2021
වයඹ ගුරුවරු ආණ්ඩුකාර කාර්යාලය වටලති කුරුණෑගල අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන් දහසකට වැඩි පිරිසක් අද පස්වරුවේ වයඹ ආණ්ඩුකාර කාර්යාලයට යාමට උත්සහා කළද වයඹ පළාත් සභා සංකීර්ණයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසල පොලිසිය විසින් එය නතර කරනු ලැබීය. 25 October 2021
ආණ්ඩුවේ හවුල් පක්ෂ එළිපිට සටනට කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව මහජන සභාව නමින් ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකයන් තීරණය කර ඇත . 25 October 2021
රාජ්‍ය මාධ්‍ය සුදු අලියෙක් රජයේ මාධ්‍ය වාණිජ වශයෙන් අසාර්ථක වීම රජයට තවදුරටත් දරා ගත නොහැකි බවත් එක් රජයේ මාධ්‍ය ආයතනයක් නඩත්තු කිරීමට මාසයකට රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් වැයවන බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය. 24 October 2021
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දැඩි කළකිරීමෙන් ආණ්ඩුව තම අදහස්වලට ඇහුම්කන් නොදීම සම්බන්ධයෙන් , ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ගණනාවක් දැඩි කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි . 23 October 2021
’’අපි පත් කරලා තියෙන්නෙ සිග්නල් කණු වෙන්න නොවෙයි’’ කොහෙවත් නීති සාදා මෙතැනට ගෙනැවිත් අත් උස්සන ලෙස කියා කියන්නට ලෑස්ති නොවෙන්නයි ඉල්ලා සිටින බවත් ජනතාව තමා පත් කර ඇත්තේ සිග්නල් කණුවක්වීමට නොවන බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විවෘත විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවැසීය. 22 October 2021
‘‘තමන් වැරැදිකාරයන් නොවෙයි නම් පරීක්ෂණවලට ඉඩ දෙන්න‘‘ තමන් මේ කුමන්ත්‍රණය පිටිපස්සේ හිටියේ නැත්නම් වැරදිකාරයන් නෙවෙයි නම් පරීක්ෂණ කරන්න ඉඩ දෙන්න ඕනෑ. බය වෙන්න ඕන නැහැ. ජනාධිපති කොමිසම් වාර්තාව පැහැදිලිව කියා තියෙන දේවල් තෝර තෝර ඉන්නේ ඇයි. මේ අයට මොකක් හරි හංගන්න තියෙනවා. රහසක් තියෙනවා යැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමෝ පවසති. 22 October 2021
මෙරට පළමු සය දරු උපත කොළඹ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් දරු උපත අද (21) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී සිදු වී ඇත. 21 October 2021
පළාත් සංචරණ සීමා තවත් දිගු වෙයි පළාත් අතර ක්‍රියාත්මක සංචාරණ සීමා මෙම මස 31 වැනිදා දක්වා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 20 October 2021
‘‘රසායනික පොහොර තහනම් ගැසට්ටුව වැරදියි‘‘ රසායනික පොහොර භාවිතය තහනම් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය වැරදි උපදෙස් මත සිදුවූවක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසීය. 20 October 2021
දුම්රිය කෝටි ගණනක් විහින් කාබාසිනියා කරලා කොළඹ වරායෙන් පිට කෙරෙන කන්ටේනර් හා අනෙකුත් භාණ්ඩ දුම්රිය මගින් ඔරුගොඩවත්ත කන්ටේනර් අංගනයට ප්‍රවාහනය නොකිරීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 12කට ආසන්න ආදායමක් අහිමිවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව ) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලූත්ම වාර්තාවේ සඳහන් වේ. 19 October 2021
නයිට්රජන් දියර පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය මහ කන්නය සඳහා අවශ්‍ය නැනෝ නයිට්රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අද (18) අනුමැතිය ලබා දුන්නේ ය. 18 October 2021
වැඩ වර්ජිත ගුරු - විදුහල්පතිවරු 25 සේවයට ලබන 25 වැනි දා සේවයට වාර්තා කිරීමට ගුරු විදුහල්පති සමිති එකමුතුව අද තීරණය කර ඇතැයි වෘත්තීය සංගම් පවසයි. 18 October 2021
නීති කඩා රෝන්දේ ගිය වාහන 911 පන්නා දමයි බස්නාහිර පළාතේ සිට කොළඹ දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් දකුණු පළාතටත් ප්‍රධාන මාර්ග ගණනාවකින් තවත් පළාත් කිහිපයකටත් සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් නීති විරෝධීව ගමන් ගත් වාහන 911 ක් පොලිස් මුර කපොලු කිහිපයකදී දැඩි ලෙස පරීක්ෂාකර ආපසු හරවා යැවීමට කටයුතු කළ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ලංකාදීපයට පැවැසීය. 17 October 2021
‘‘බලය ගත් පසු උම්මත්තකයෝ ලෙස හැසිරෙන්න හොඳ නෑ‘‘ බලය ලබාගත් පසු උන්මත්තකයො ලෙස උද්ද්ච්ඡ කමින් හැසිරෙන්නෙ නැතිව මිනිසුන්ගේ හඬට කන් දීමට ආණ්ඩුවකට හැකියාව තිබිය යුතුයි. ගමේ ජීවත් වෙන කෙනෙක් විදිහට මම මුල ඉදලම කිව්ව මේ පොහොර සම්බන්ධ තීන්දුව ලොකු අර්බුදයක් බවට පත්වෙනවා කියලා. දැන් අපේ ගොවීයන් වැඩකටයුතු ටික කරලා පොහොර නැතිව බලාගෙන ඉන්නවා යැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (16) නිකවැරටියේ දී පැවසීය. 16 October 2021
රතන හිමිගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය එම පක්ෂය විසින් අහෝසි කරනු ලැබ ඇත. 16 October 2021
දේශීය කිරිපිටි මිලත් ඉහළට මෙරට නිෂ්පාදනය කරන හයිලන්ඩ් සහ පැලවත්ත කිරි පිටි මිල ගණන් ද ඉහළ දමා ඇත. 15 October 2021
බදියුදීන්ට ඇප පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාස හයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ අද (14) නියෝග කළේය. 14 October 2021
ඖෂධ අධිකාරියේ දූෂණ වාර්තාවෙන් එළියට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2015 වර්ෂයේදී දිගින් දිගටම දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවී ඇතැයි එම ආයතනය ගැන කරුණු සෙවීමට පත්කළ පංච පුද්ගල කමිටුව හෙළිදරව් කර ඇති බවත් එම දූෂණ වංචා කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. 14 October 2021
කාබනික පොහොර මෙට්‍රික්ටොන් 20,000ක් කොළඹ වරායට රජයේ පොහොර ආයතන දෙකක් ආනයනය කළ කාබනික පොටෑසියම් පොහොර මෙට්‍රික්ටොන් 20,000 සහිත නැවක් අද (13) කොළඹ වරායට ළගා වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන් අලුත්ගමගේ මහතා පවසයි. 13 October 2021
ගුරුවර්ජනය අඛණ්ඩව ඉදිරියට ගුරුවර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙනයන බව ගුරු විදුහල්පති වෘත්තීය සංගම් සඳහන් කරයි. 13 October 2021
පිළිකා සෛලවලට වෙට්ටුවක් දමන්න පෝෂක ඖෂධයක් පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධ කීපයක් ළගදීම වෙළෙදපොළට නිකුත් කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා කියයි. 12 October 2021
දරුවා නිරෝගී නම් එන්නත අවශ්‍ය නැහැ නිරෝගී පාසල් සිසුන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමේ අවශ්‍යතාවක් නැතැයි වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා ලංකාදීපයට පැවැසීය. 12 October 2021
සුදුලූනු වංචාවට හතරක් සැකපිට සතොස සතුව තිබූ සුදුලූනු කන්ටේනර් දෙකක් වංචා සහගත ලෙස වෙනත් ව්‍යාපාරිකයකුට විකිණීමේ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතොස සේවකයන් සිව්දෙනකු අද (11) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. 11 October 2021
මෙරට සංචාරයට ආ ඇමෙරිකානුවා එසැණින් ආපසු යයි ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු සංචාරකයෙකු පැය 05 කින් ආපසු යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇතැයි සංචාරක අමාත්‍යාංශය සදහන් කරයි. 11 October 2021
ගෑස් රුපියල් 1,257 කින් ඉහළට ලිට්රෝ ගෑස් කිලෝ 12.5 ගෘහස්ථ සිලින්ඩරය මිල අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 1,257 කින් ඉහළ දැමීමට තීරණය කිරීමත් සමඟ එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2,750 ක් බවට පත්වූ බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය. 10 October 2021
‘‘රජය සහ මා කෙරෙහි අප්‍රසාදයක් ඇති බව පිළිගන්නවා‘‘ බලාපොරොත්තුවූ ආකාරයට වැඩකටයුතු නොවීම නිසා තමා සහ රජය කෙරෙහි ජනතාව අතරේ අප්‍රසාදයක් තිබෙන්නේ යැයි තමා පිළිගන්නා බවත් සියලු දේ පසුබෑමට ලක්වුණේ කොවිඩ් සමග වසර දෙකක් සටන් කිරීමට තමාට සිදුවූ නිසා බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. 10 October 2021
යොහානි සල්මන් එක්ක “මැණිකේ’’ ගයයි ‘මැණිකේ මගේ හිතේ’ ප්රතිනිර්මාණ ගීතයෙන් ලොවම වශීකරගත් ශ්‍රී ලංකා යොවුන් ගායිකා යොහානි ද සිල්වා, ඉන්දියාවේ ජනප්‍රියම රියැලිටි රූපවාහිනී වැඩසටහනක් වන ‘බිග්බොස්’හි ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් සමඟ ගයන ගීතය අද (9) රාත්‍රී 9.00 ට ඉන්දීය රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය වන බව ඇයගේ කළමනාකරු ‘ලංකාදීප’යට පැවසීය. 09 October 2021
පැන්ඩෝරා චෝදනා ගැන රජයේ පියවර බයිබරි වාර්තා වෙන් පසු පැන්ඩෝරා පේපර්ස් මගින් හෙළිදරව් කර ඇති කරුණු සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසුව ආණ්ඩුව පියවරක් ගනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් සදහන් කළේය . 09 October 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026