(සුජිත් හේවාජුලිගේ )
සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් 200 ක් පමණ ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව ඇතුළු ප්‍රශ්න හේතුවෙන් කඩා වැටීමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි.
මහා පරිමාණ ඇඟලුම් කම්හල් බොහොමයක් ඩොලර් ගෙවා සිපෙට්කෝ සහ අයි.ඕ.සී ඉන්ධන පිරවුම් හල්වලින් ඩීසල් ලබා ගත්තද සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල්වලට සාමාන්‍ය ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන ලබා ගැනීමේදී අද දවසේ බරපතළ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුව ඇති බව ඒකාබද්ධ ඇඟලුම් ආයතන සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.
බොහෝ අවස්ථාවලදී ඔවුනට ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබෙන තත්වයක් පවතින බවද ඔහු සඳහන් කළේය.
ප්‍රධාන පෙළේ මහා පරිමාණ ඇඟළුම් කම්හල් සිය ඇඟලුම් නිෂ්පාදන ඇණවුම් වලින් යම් කොටසක් නිෂ්පාදනය සඳහා උපකොන්ත්‍රාත්කරුවන් වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් වලට බාර දෙන හෙයින් එම ඇඟලුම් කම්හල් අකර්මණ්‍යවීම මහා පරිමාණ කර්මාන්තවලටද ලොකු බලපෑමක්වී ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් ආයතන සංසදය පවසයි.
මේ අතර ඇඟලුම් කම්හල්වල නිලධාරීන්ට සහ සේවකයන්ට සිය පෞද්ගලික වාහනවලින් පැමිණීමේ අවස්ථාව පෙට්‍රල් හිඟය නිසා බොහෝ දුරට අහිමිවීමෙන් ඇඟලුම් කම්හල්වල කාර්ය සාධනයට එය විශාල බලපෑමක්වී ඇතැයි එම කම්හල් හිමිකරුවෝ පවසති.
මේ තත්වය සැලකිල්ලට ගෙන සිය සේවකයන් ප්‍රවාහනය සඳහා පෙට්‍රල් කෝටාවක් ලබාදෙන්නැයි සිපෙට්කෝ ආයතනයෙන් විශේෂ ඉල්ලීමක් දැනටමත් කර ඇති බවද ඔවුහු පෙන්වා දෙති.
එසේම විදුලිය කප්පාදුව නිසා විදුලි උත්පාදක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට සිදුවීමෙන් මහා පරිමාණ මධ්‍ය පරිමාණ සුළු පරිමාණ ඇඟලුම් කම්හල්වලට ඒ සඳහා අමතර පිරිවැයක් දැරීමට සිදුවී ඇති හෙයින් ඒ තත්වය එම ආයතනවල ආදායමට අහිතකර ලෙස බලපා ඇති බව දැනගන්නට ඇත.
මේ අතර ඇඟලුම් නිෂ්පාදන ආයතන වලට විදේශයන්ගෙන් ලැබෙන ඇණවුම් රටේ පවතින අර්බුදය හේතුවෙන් වෙනත් රටවලට හැරී යෑමේ අවදානමක්ද මතුව ඇතැයි පෙන්වා දෙන ෆීලික්ස් ප්‍රනාන්දු මහතා ඒ තත්වය මඟ හරවා ගැනීම සඳහා ඇණවුම් කරුවන් සමග සාකච්ඡා පවත්වමින් විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇතැයිද ප්‍රකාශ කළේය.
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඇඟළුම්හල් 200 මකර කටේ
Kanthi Friday, 01 July 2022 08:42 AM
හරිම කණගාටුයි...
සමිත සේනක අලුත්ගමගේ. Friday, 01 July 2022 10:09 AM
අපට කිසිඳු අයුරකින් දේශපාලනයක් අවශ්‍ය නැහැ. ඒත් දෙවි හාමුදුරුවනේ... මේ රටේ වර්තමානයේ සෑම සියලු අංශවල ඇතිවී තිබෙන මහා පරිමාණ කඩා වැටීම නිසා මේ රජය කෙරෙහි තවත් විශ්වාසය තියන්නේ කොහොමද? රටේ පාතාලයින් එළියට බැහැලා පාර දිගේ ප්‍රසිද්ධියේ මිනිසුන් වෙඩි තබා මරනවා. රටේ ආරක්ෂාවට සිටිය යුතු පොලීසිය හා හමුදාව අද ලොරි ගණන් පෙට්‍රල් ෂෙඩ් රකින්න දාලා. අද මේ රටට අවශ්‍ය දේ ගේන්න බැරිවෙලා තියෙන්නේ, රටේ මුදල්, සම්පත්, ඩොලර් ඇතුළු බොහෝ දේ දේශපාලකයින් හොරාගෙන ඇති නිසා බව අමුතුවෙන් කිවයුතු නොවේ. මේ පාලනය අවසන් කොට රට කෑ අය අල්ලා ඔවුන් විසින් සොරාගත් දේ නැවත ලබා ගැනීමට කටයුතු කිරීම කළයුතුමයි. කොතරම් ණය පිටරටවලින් ගත්තත් ඒවා මතු දිනෙක අප විසින් පොළියත් සමග ගෙවීය.. යුතුමයි. එබැවින්, රටෙන් හොරකෑ දේ නැවත ලබාගැනීමට කටයුතු කළ යුතුයි. නෙළුම් කුළුණ, නැව් නොඑන වරාය, ප්ලේන් නොඑන ගුවන් තොටුපළ ආදිය වෙනුවෙන් විනාශ වෙන මහා පරිමාණ ධන සම්භාරය ඉතිරි කොට ගැනීම වැදගත්. විදුලිය බල මණ්ඩලයේ දූෂණ හා නාස්ති, තෙල් සංස්ථාවේ නාස්ති, එයාලංකා නාස්ති හා පාඩු තවත් සිදු නොවීමට වගබලා ගත යුතුයි. කෙටියෙන් කිවහොත් මේ අසාර්ථක රජය ඉවත්විය යුතුයි...
69 Sri 2010 Friday, 01 July 2022 11:48 AM
ඉස්සර කියමනක් තිබුනා මඩිස්සල්ලෙට හෙන ගැහුවම කිල්ලෝටේ ඉතිරි වේද කියලා ඉතින් ලංකාව නැමති එක පවුලක් විසින් හෙන ගැස්සූ මඩිස්සලේ තියෙන ඇගලුම් කම්හල් නැමැති කිල්ලෝටේ ඉතිරි වෙන්න ඉඩක් නැහැ කියලා කියන්න දෙයක් කොයින්ද
බද්රානි Friday, 01 July 2022 08:56 PM
තනි සිංගල බෞද්ධ ඡන්ද වලින් බලයට පත් වුණු නායකයෙක් පාලනය කරන රටකින් බංගලාදේශයේ ඇඟලුම් කර්මාන්තයකට සේවයට යන ශ්‍රීලාංකික කාන්තාවන්ට කොතරම් නම් ආඩම්බරයක් දැනෙයිද? අන්න ඒකට තමයි ජාතික අභිමානය කියලා කියන්නේ...
Demuni Uduwara Saturday, 02 July 2022 08:06 AM
ප්‍රතිකර්මයක් නැද්ද මේවට?
fairoosSunday, 03 July 2022 02:39 PM
තියෙනවා... නන්දසේන සහ නඩය තොලොංචි වෙලා යන්න ඕනේ...!