(සුජිත් හේවාජුලිගේ )
කොළඹ වරායේ ආහාර සඳහා වෙන් කෙරෙන මුදලින් බාගයක්ම වැය වන්නේ කජු සඳහා බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට තොරතුරු අනාවරණයවී ඇත.
මේ අනුව කජු වෙනුවට වෙනත් ආදේශක ආහාර එහි කෑම වේලට එකතු කරන ලෙස අමාත්‍යවරයා කොළඹ වරාය මුළුතැන්ගෙයි නිලධාරීන්ට අද16) උපදෙස් දුන්නේය.
මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ අමාත්‍යවරයා කොළඹ වරායේ මුලුතැන්ගෙය පරික්ෂා කළ අවස්ථාවේදීය.
එසේම කොළඹ වරායේ ආහාර වේලක් සඳහා රුපියල් හාරසිය පනහකට ආසන්න මුදලක් වැය වන බවද මෙහිදී තොරතුරු අනාවරණයවී ඇත.
කොළඹ වරායේ මුළුතැන්ගේ සඳහා ලියාපදිංචි නොමැති ආයතන වෙතින් භාණ්ඩ මිලදී ගැනීම් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් මුළුතැන්ගේ ප්‍රතිසංස්කරණය කිරීමට හෝ වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුමක් සකස් කරන ලෙසත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කොළඹ වරායේ උප සභාපතිවරයාට උපදෙස් දී ඇත.
කොළඹ වරාය මුළුතැන්ගෙයින් දිවා ආහාරය සඳහා සේවකයන් පන්දහසකටත් රාත්‍රී ආහාරය සඳහා සේවකයන් 3500 කටත් ආහාර සැපයෙන බව මෙහිදී තොරතුරු අනාවරණයවිය.
එහෙත් මුළුතැන්ගෙය සඳහා සූපවේදියකු නොමැති බව සේවකයෝ පැවසූහ. මේ අනුව ඒ පුරප්පාඩුවට වහාම සුදුස්සකු බඳවා ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
වසර 44කට පෙර ඉදි කර ඇති ඉදිකර ඇති වරාය මුලුතැන්ගේ මේ වන විට ඉතාමත් අබලන් තත්වයේ පවතින බවත් ආහාර සැකසුම් තමන් පවතින්නේ පැරණි ක්‍රමයට බවත් මෙහිදී හෙළිදරව්වී ඇත. ඒ අනුව මේ තත්වය වහා වෙනස් කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වරාය මුලුතැන්ගේ පවතින අඩුපාඩු සහ ආහාර ප්‍රමිතියෙන් තොර බව වෘත්තීය සමිති නියෝජිතයෝ අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.
ඇමතිවරයා පෙර දැනුම්දීමකින් තොරව මුලුතැන්ගේ නිරීක්ෂණය කළේ මේ අනුවය.
වරාය මුළුතැන්ගේ කෑම පිසිනු ලබන්නේ ඉපැරණි ගෑස් ලිප් වල බැවින් ගෑස් විශාල වශයෙන් අපතේ යන බව සේවකයෝ පැවසූහ.
ඒ කාරණය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.
මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යාංශයේ ලේකම් පී ඩී එස් රුවන්චන්ද්‍ර , වරාය අධිකාරි උප සභාපති ගයාන් අලගියවත්තගේ සහ වරාය මුළුතැන්ගේ කළමනාකරු ජේඩී ඩයස් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුව සමග තියුණු තරගයක්.. මහජන මුදල් කා දැමීමෙන් කරට කර...
මේ දේශපාලකයින් මිනිසුන් විනාශ කරනවා.
අනිවාර්යයෙන් කජු සැපයීමේ කොන්ත්‍රාත්තුව රාජපක්ෂලාගේ ගැත්තෙක් අතේ ඇති...!
මේ ඇමැතිවරු දැක්කාම ඇතිවෙන්නේ දුකක්, කෝපයක්... මේ රට මේ තැනට ඇදගෙන යන්න දායක වෙච්චි කෙනෙක් තමයි ඔය කතා කරන්නේ... දියවන්නාවේ පුටුවත් නිදාගන්න ඇඳක් කළා. මේ මිනිස්සුන්ගෙන් මේ රට හදන්න පුළුවන් කියලා හිතන එකත් මහ ගොන්කමක් නේද?
මෙයාලා අපි දෙන ජරාවත් එක්ක කජුත් කනවද?
ඔයගොල්ලෝ රට කනවා වගේ තමයි එයාලා කජු කන්නේ...
ඇයි වරායේ වැඩ කරන අයට වරායෙන් කෑම දෙන්නේ...?
මේ බැරි අමාරු කාලයේ වරාය දියුණු කරගෙන ආදායම වැඩි කරගන්න ක්‍රමවේද සොයා යන්නේ නැතුව බඩකට පුරෝගන්න හදන ක්‍රමවේද ගැනමයි කතාව. මෙහෙමත් ඇමැතිවරු...!
උන් කජු කනව වගේ තොපි රට කනව
කජු කාල හොඳට බුදිය ගන්න පුළුවන් ...
මලා හොරා නේද වරායෙ ඇමතිය වෙලා තරන් බත් ඒකෙනුයි, බත් එක බෙදන පැක් එකෙනුයි හොදටම හොරා කෑවෙ. මුලු පවුලටම මාසයක් විතර බඩම යන්ඩ ඕනෙ. මල හොරා.
රටේ ජනතා මුදල් කාබාසිනියා කිරීම සුළුපටු නොවන බව මින් පැහැදිලියි. රාජ්‍ය ආයතන බොහොමයක්ම ඇත්තේ ගසා කෑමයි. මෙවන් ක්‍රියාවන් වෙනුවෙන් කටයුතු සිදුනොවීම ඉතා කණගාටුදායක තත්ත්වයකි...
ඉතාම දුෂ්කර රාජකාරියක් වූ, මුට්ට කර ගැසීම ලෙස හැඳින්වුන, නැව් වලින් බඩු බෑම/පැටවීම සිදු කළ කම්කරුවන්ට පෝෂ්‍යදායී හොඳ ආහාර වේලක් ලබා දීමේ අරමුණෙන් ආරම්භ කළ වරායේ කුස්සිය වසා දැමීමේ කාලය දැන් එළඹ තියනවා. බඩු බෑම, පැටවීම තවදුරටත් මිනිස් ශ්‍රමයෙන් නොකෙරෙන නිසා දැන් කම්කරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් සැපයීමේ අවශ්‍යතාවයක් නැහැ...
රට කජු දීපල්ලා..!
රටේ මහජන බදුවලින්, වැටුප් ලබන සුපිර් පංතියේත්, සේවකයන් ඉන්න බව බහුතරයක් වූ මහජනතාව දන්නේ නෑ. ඊළඟ අරගලය විය යුත්තේ..? මොවුන්ට වරප්‍රසාද දෙන්නන්ට විරුද්ධව... පෙල ගැසීමටයි.
කජු වෙනුවට කොස්ඇට හෝ පිටරටින් නොගෙන්වන මොනවා හෝ ඇට, සපයන්න...
කජු ලාබෙට දෙන්න පුළුවන්නේ... !
වරායේ කුස්සිය ගැන බලන්න මැනේජර්ලා කීපදෙනෙක්ම ඉන්නවා. ඔවුන් මොනවද කරන්නේ..? ඒ කෑම එක කන්න බැහැ මෙලෝ සතෙක්ට. සේවකයන්ට කෑමට කියලා කන්න බැරි කෑම දීලා අනික් පැත්තෙන් ඌරු කොටුවට එකතු කරගෙන යනවා. මේකේ ඉන්නේ රාජපක්ෂලාගේ නෑදෑයින් වෙන්න ඇති. තනිකරම ගැහිලි පුරයක්...