IMG-LOGO

විදුලි බිල සියයට 57කින් ඉහළට?

(යොහාන් භාසුර)

විදුලි ගාස්තුව සියයට 82 කින් ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අනුමැති ඉල්ලා ඇති බවත් එම යෝජනාව පිළිබඳව මහජනතාවට අදහස් ඉදිරිපත් කිරීමට සති තුනක කාලයක් දෙන බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද (27) පැවසීය.

බහුතර ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින් සඳහා සහනයක් වශයෙන් අදාල ගාස්තු වැඩිකිරීම සියයට 57 කට නොවැඩි වියයුතු බවට නිර්දේශ කළ බව කී රත්නායක මහතා සමස්ත ගෘහස්ථ අංශය සඳහා සියයට 138 ක ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කළ ද එය සියයට 67 කට වඩා නොවැඩි වියයුතු බව ද සඳහන් කළේය.

පොදුකාර්ය කාණ්ඩයට සියයට 45 ක, කර්මාන්ත අංශයට සියයයට 61 ක, හෝටල් සහ රාජ්‍ය ආයතනවල සියයට 43 ක සහ ආගමික ස්ථානවලට සියයට 189 ක ලෙස විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවක් ලංකා විදුලි බල මණ්ඩලය ඉද්රිපත් කළ බව ද රත්නායක මහතා කීය.

ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස මහජනතාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත් ලිඛිත අදහස් ලබන ජුලි 18 වැනි දින දක්වා බාර ගන්නා අතර මහජන උපදේශනයේ වාචික අදහස් දැක්වීමේ සැසිය පැවත්වෙන දිනය හා ස්ථානය ඉදිරියේදී දැනුම් දෙන බවත් රත්නායක මහතා සඳහන් කරයි.

ලිඛිත අදහස් තැපෑලෙන්, ඊමේල් හෝ ෆැක්ස් මගින් ඉදිරිපත් කළ හැකි බවත්  වාචික අදහස් දැක්වීමේ සැසියට මාර්ගත ක්‍රම ඔස්සේ ද සහභාගි වීම සදහා පහසුකම් සලසන බවත් ඒ මහතා කීය.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කිරුළපන පිහිටි එම කොමිසමේ කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්විමන් අද (27) පස්වරුවේ එසේ පැවසීය.

එහිදී ජනක රත්නායක මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“මාසික විදුලි පරිභෝජනය ඒකක 60 ට වඩා අඩු ගෘහස්ථ විදුලි පාරිභෝගික සංඛ්‍යාව මිලියන 3.14 ක්. එය සමස්ත ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින්ගෙන් සියයට 50 ක් පමණ වෙනවා. මෙම විදුලි පාරිභෝගික පිරිස සදහා රුපියල් බිලියන 65 ක සහනාධාරයක් සපයන ලෙසට මහජන උපයෝගිතා කොමිෂන් සභාව රජයට නිර්දේශ කර තිබෙනවා.

එම සහනාධාරය සැපයීම මගින් මාසික පරිභෝජනය ඒකක 60 ට වඩා අඩු කාණ්ඩය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇති ආකාරයේ විශාල ගාස්තු වැඩිවීමකින් වැළකී සිටිය හැකියි. ලංවිම යෝජනාවට අනුව මාසික පරිභෝජනය ඒකක 30 ට අඩු කාණ්ඩයේ සාමාන්‍ය මාසික විදුලි බිල රුපියල් 507 ක් දක්වා ඉහළ යනවා. එය සියයට 835 ක වැඩිවීමක්. මාසික පරිභෝජනය ඒකකට 30 වැඩි 60 අඩු ස්ථානවල සාමාන්‍ය මාසික බිල්පත රුපියල් 1488 ක් දක්වා ඉහළ යනවා. එය ප්‍රතිශතයක් ලෙස සියයට 673 ක ගාස්තු ඉහළ යාමක්. මේ සහනාධාරය හේතුවෙන් එවැනි ගාස්තු වැඩකිරීමක්  වෙනුවට ඒකක 30 ට අඩු පාරිභෝගිකයන්ට සමාන්‍ය මාසික විදුලි බිල රුපියල් 227 ක් සහ ඒකක 30 ට වැඩි ඒකක 60 ට අඩු පාරිභෝගිකයින්ට සාමාන්‍ය මාසික විදුලි බිල රුපියල් 658 ක මට්ටමේ පවත්වා ගතහැකි වනවා. ඒ අනුව එම කාණ්ඩ දෙක සදහා පිළිවෙලින් ගාස්තු ඉහළ යාම සියයට 320 ක් සහ සියයට 242 ක් දක්වා අඩු කලා.

යෝජිත ගාස්තු සංශෝධනය අනුව විදුලි ඒකකයක සාමාන්‍ය මිල රුපියල් 18.14 සිට රුපියල් 32.48 ක් දක්වා සියයට 82 කින් ඉහළ දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය ඉලක්ක කර තිබේ.

මෙම ගාස්තු සංශෝධනය මගින් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 512 ක වාර්ෂික ආදායමක් ඉලක්ක කරනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශය වනුයේ සාමාන්‍ය විදුලි ඒකකයක මිල රුපියල් 28.14 වඩා ඉහළ නොදැමිය යුතු බවයි. ලංකා විදුලිබල මණ්ඩලය සිය කාර්යක්ෂමතාව ඉහළ දැමීම සදහා මෙහෙයුම් පිරිවැය සියයට 10 කින් අඩුකර එම ඉතිරි කිරීම භාවිත කර වැඩි වශයෙන් පුනර්ජනනීය විදුලිය පද්ධතියට ලබාගැනීමට ක්‍රියාකල යුතු බවටත් නිර්දේශ කරනවා.

මීට අමතරව 2014 වර්ෂයේ ගාස්තු සංශෝධනය සමග ලංකා විදුලි බල මණ්ඩලයට පැනවු කොන්දේසි තවමත් ඉටුකර නැති බවද කොමිෂන් සභාව නිරීක්ෂණය කර තිබෙනවා”

 

 



අදහස් (2)

විදුලි බිල සියයට 57කින් ඉහළට?

sugath Monday, 27 June 2022 06:03 PM

ඇයි ඔය විදුලිබල මණ්ඩලය තමන්ගේ වියදම් කපා දැමීමට කිසිදෙයක් නොකරන්නේ...?

:       0       51

Willos Drive Tuesday, 28 June 2022 01:15 PM

විදුලිබල මණ්ඩලයේ වියදම් කපාහරින්න

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 79 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 302 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site