වාහනවලට හානි කරමින් මහමඟ ගමන්කළ තරුණයෙක් රිමාන්ඩ් බත්තරමුල්ල දියත උයන සහ අතුල්කෝට්ටේ ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියකින් ගමන් කරමින් මෝටර් රථ හතරකට තියුණු ආයුධයකින් කොටා හානි සිදුකළැයි කියන සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා (13) නියෝග කළේය. 13 January 2026
පා.ම. ඉලන්කුමරන් අත්අඩංගුවට පසුගිය සුළිසුළං සහ ගංවතුර තත්ත්වයෙන් ආපදාවට ලක්වූ ජනතාවට සහන බෙදාදෙන අතුරතුරදී සිදුවූ බව කියන බහින්බස්වීමක් මත පරන්තන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයකුට බැන තර්ජනය කර පහරදුන් බව කියන යාපනය දිස්ත්‍රික් ජාතික ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලන්කුමරන් මහතා සහ ඔහුගේ රියැදුරු ඊයේ (11) අත්අඩංගුවට ගත් බව කිළිනොච්චිය පොලිසිය පවසයි. 12 January 2026
වරායෙන් කරුණු පැහැදිලි කිරීමක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සුබ සාධක සංගම්, වෘත්තීය සමිති හෝ වෙනත් අංශ සම්බන්ධීකරණය කරන උත්සව අවස්ථාවන් සඳහා ඉහළ කළමනාකාරිත්වයේ අවසර ගැනීම සාමාන්‍ය පළිවෙතක් බව වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් එස්.එස්. රණසිංහ (විශ්‍රාමික) මහතා සඳහන් කරයි. 12 January 2026
පාර වැරදුණු ලාන්ස් කෝප්රල් දෙදෙනා ස්නයිපරයක් සමග අත්අඩංගුවට ස්නයිපර් අවියක් කළු රෙද්දකින් වසාගෙන සිවිල් ඇඳුමින් සැරසි පැරණි පොලිස් මූලස්ථානයේ ඉදිරිපිට මාර්ගයේ ගමන් කරමින් සිටි ලාන්ස් කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 12 January 2026
‘‘දිට්වා‘‘ පරිත්‍යාග ගොඩේ කල් ඉකුත් වූ බෙහෙත් කාලගුණ ආපදාවෙන් පසු විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු පරිත්‍යාග අතර රුපියල් කෝටියකට අධික කල් පැනපු බාල බෙහෙත් (EXPIRED DRUGS) සහ විවිධ උපකරණ තිබී සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 11 January 2026
ඇගළුම් කර්මාන්තශාලාවක ගබඩාවක ගින්නක් නවගමුව ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක ගබඩාවක් තිබූ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නක් නිසාවෙන් එම ගොඩනැගිල්ල ඇතුලත සම්පූර්ණයෙන් ම විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 08 January 2026
බස්-වෑන් ගැටීමෙන් 4ක් රෝහලට කරුවලගස්වැව තබ්බෝව තාවකාලික යකඩ පාලම මතදී බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටිමේන් සිදුවු මාරක අනතුරකින් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි. 08 January 2026
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ගාලු පාරේ පන්දම් විරෝධයක් විදුලි බිල වැඩි කිරීමට එරෙහිව අද(6)රාත්‍රියේ ගාලු පාරේ රත්ගම මංසන්ධියේ දී පන්දම් විරෝධතාවයක් පැවැත්විණ. 06 January 2026
බගවන්තලාව ව්‍යාපාරිකයෝ උද්ඝෝෂණයක නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට එරෙහිව බගවන්තලාව නගරයේ ව්‍යාපාරියෝ අද (06) වෙළදසැල් වසා උද්ඝෝෂණයක නරත වූහ. 06 January 2026
සතොස හිටපු ප්‍රවාහන ලොක්කෙක් රිමාන්ඩ් කරයි සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවට අයත් ලොරි රථ හා රියදුරන් හිටපු ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා අධ්‍යක්ෂක ධූරය දැරූ පුද්ගලික සමාගමක එතනෝල් ප්‍රවාහනයට ලබා දී රියදුරුට වැටුප්ද ගෙවා රජයේ දේපළ අවභාවිතා කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම සංස්ථාවේ හිටපු ප්‍රවාහන කළමණාකරුවකු වන ඉන්දික රත්නමලල සැකකරු ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල අතිරේක මහේස්ත්‍රාත් වරිය නියෝග කළාය . 04 January 2026
කෝටි 15ක මත්ද්‍රව්‍ය සමඟ තිදෙනකු අල්ලයි කොම්පඤ්ඤවීදිය පොලිස් බල ප්‍රදේශයේ දී සිදුකරන ලද වැටලීමකදී රුපියල් කෝටි 15 කට වැඩි වටිනාකමකින් යුත් මත්දුව්‍ය තොගයක් සමගින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 01 January 2026
අපේ තීරු බදු අඩු කරන්න; හිටපු ඇමති ඩලස්ගෙන් ට්‍රම්ප්ට ලිපියක් මෙරටින් ඇමරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා දැනට පවතින තීරුබදු මට්ටම සියයට 20ක ප්‍රතිශතය 2026 ට පමණක් අදාළ වන ලෙස සියයට 12ක් දක්වා තාවකාලිකව අඩු කරන ලෙස ඉල්ලීමක් කරමින් නිදහස ජනතා සභාවේ නියෝජිත හිටපු ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යොමු කර ඇත. 30 December 2025
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය. 30 December 2025
එජාප - සජබ ලොකු පුටු හමුව සමගි ජනබලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් අතර හමුවක් කොළඹ ටාජ්සමුද්‍රා හෝටලයේදී අද සිදු විණි. 30 December 2025
හිටපු ඇමැති ජොන්ස්ටන්ගේ පුත් අත්අඩංගුවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා අද (30) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවපවසයි. 30 December 2025
ලොව වේගවත්ම දුම්රිය චීනය නිපදවයි තත්පර දෙකක් තුළ පැයට කිලෝ මීටර් 700 ක වේගයක් ලබා ගනිමින් චීන දුම්රියක් නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. 28 December 2025
රටේ ණය කන්ද කෝටි විසිනව ලක්ෂයත් පනී මෙම වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට මෙරට රජය ගෙවීමට ඇති සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් කෝටි 2,967,500 දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ. 28 December 2025
මලයගම් ජනතාවගෙන් රට ගොඩ නගන්න ආධාරයක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා කඳුරට මලෛයිගම් ජනතාව විසින් රුපියල් ලක්ෂ 10ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය. 24 December 2025
කිතලගම ‘පුබුදු පෙර පාසලේ ‘ විවිධ ප්‍රසංගය දා මාතර, තිහගොඩ ,කිතලගම මධ්‍යම ‘පුබුදු මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ ‘වාර්ෂික විවිධ ප්‍රසංගය පසුගියදා එම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන භූමියේදී පැවැත්විණි. 23 December 2025
චීන කොමියුනිස්ට් පක්ෂ උසස් නිලධාරීන් පිරිසක් මෙරටට චීන ෂීසෑං පකළාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික වෑන් ජුන්ෂෙන්ග් මහතා ප්රමුඛ එම පක්ෂයේ උසස් නිලධාරීන් පිරිසක් දෙදින නිල සංචාරයක් සදහා අද(23 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ. 23 December 2025
ජෙයශන්කර්-හරිනි හමුවක් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජෙයශන්කර් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් කොළඹ අරලියගහ මන්දිරයේදී අද(23) සිදුවිය. 23 December 2025
ඇප අනතුරටපත් වාහන සඳහා වන්දි ගෙවීමට අදාලව ආණ්ඩුවේ රස පරීක්ෂක කාර්යාලයේ වාර්තා නීත්‍යනුකූල නොවන ආකාරයට ලබාදීමට රුපියල් 6,415,050.00 (රුපියල් හැටහතර ලක්ෂ පහළොස්දහස් පනහක) මුදලක් අල්ලසක් ගත්තේ යැයි බන්ධනාගාර ගතව සිටි විශ්‍රාමලත් රජයේ අතිරේක රස පරීක්ෂකවරයා සහ රක්ෂණ සමාගමේ උප සභාපතිවරයා දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කොළම ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා (22) නියෝග කළේය. 22 December 2025
උඩරට දුම්රිය මඟේ සේවා දුම්රිය ඇරැඹේ නාය යාම් හා පස්කදු කඩාවැටීම් හේතුවෙන් හානියට පත්වූ උඩරට දුම්රිය මාර්ගයේ අළුත්වැඩියා කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතින අතර එම මාර්ගයේ අඹේවෙල සිට බදුල්ල දක්වා පරීක්ෂණ දුම්රියක් ධාවනය කරවීමට අවසර ලබා දුන් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උඩපලාත දිස්ත්‍රික් ඉංජිනේරු දනූශ්ක දිසානායක මහතා පැවසීය. 16 December 2025
දයා පැල්පොළ අභාවප්‍රාප්ත වෙයි කෘතහස්ත දේශපාලනඥ,ජනාධිපති නීතිඥ දයා පැල්පොළ මහතා අභාවප්‍රාප්ත විය. 15 December 2025
කාර්යාල අඩස්සියේ සිටි ත්‍රි’මලේ දිසාපති මුදා ගනී වෙරුගල් ප්‍රදේශයේ ජල ගැලීම් වලින් බලපෑමට ලක් වූ ජනතාවට බෙදාදීමට මන්ත්‍රීවරයෙකු ගෙනා මදුරුදැල් තොගයක් බෙදාදීමේදී ප්‍රමාණවත් නොවීම මුල් කරගෙන ඇති වූ ගැටලුවකින් ඊයේ (13) පස්වරුවේ වෙරුගල් ප්‍රාදේශීය ලේකම්වරයා කාර්යාල අඩස්සියට ගත් ගම්වාසීන් කාර්යාලය ඉදිරිපිට විරෝධය දක්වද්දී එය සොයාබලා බේරුම් කිරීමට ගිය ත්‍රිකුණාමලය දිසාපතිවරයාටද එම අකරතැබ්බයට මුහුණ පෑමට සිදුවූහ. 14 December 2025
’’ලංකාව නගා සිටුවන්න මුදල් :ප්‍රදානයන් ලෙස දෙන්න ’’ දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය අලුත්වැඩියා කිරීමට ලබාදෙන මුදල් ප්‍රදානයන් ලෙස ලබා දෙන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් සහ හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකාව දැනටමත් ණය බරින් පීඩා විඳිමින් සිටින මේ අවස්ථාවේ තවත් ණය ලබාගැනීම අපහසු කාරණයක් වනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා ඊයේ(11) ප්‍රකාශ කළේය. 11 December 2025
ලංකාවේ සිට ටැන්සානියාවට මත්ද්‍රව්‍ය තොගයක් පොහොර ලෙස නම්කර ලංකාවේ සිට අඩි 40 කන්ටේනරයක් තුළ ටැංසානියාවට යවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එක්කෝටි අසු හතරලක්ෂ අටසිය පනස් හයක් සමඟ ශ්‍රි ලාංකික සැකකරුවන් දෙදෙනකු ද ටැංසානියාවේ මත්ද්‍රව්‍ය පාලන සහ නීති බලාත්මක කිරීමේ අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 11 December 2025
‘විපක්ෂය අසරණ වෙලා‘ ජනතාවට වඩා විපක්ෂය අසරණ වී ඇති බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. 11 December 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026