බදු නොගෙවූ චොකලට් සමාගමට නඩු රුපියල් ලක්ෂ 2395 වැට් හා ආදායම් බදු ගෙවීම පැහැර හැරියේ යැයි කියන ප්‍රසිද්ධ චොකලට් සමාගමකට මැයි මස 05 වෙනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නොතීසී නිකුත් කරමින් නියෝග කළේය. 03 April 2025
‘‘කුඩු සමඟ ඇල්ලූ අපේක්ෂිකාව පො.එ.පෙ නොවේ‘‘ ’පො.එ.පෙ අපේක්ෂිකාව කුඩු සමග මාට්ටු’ යන මැයෙන් ලංකාදීප වෙබ් අඩවියේ පළවූ පුවත සම්බන්ධයෙන් පානදුර පොදු ජන එක්සත් පෙරමුණ පක්ෂයේ සංවිධායක කණ්ඩායම් නායක ශ්‍රී මුණසිංහ පවසනුයේ එවැනි අපේක්ෂිකාවක් ඔවුන්ගේ පක්ෂයේ නොමැති බවය. 01 April 2025
’’ට්‍රේස් ඉට්’’ හඳුන්වා දෙයි ඩිජිටල් අවකාශය තුළ තමන් දකින්නේ කෘතිම බුද්ධිය භාවිතයෙන් විකෘති කර හෝ නැවත නිර්මාණය කරන ලද අන්තර්ගතයක් දැයි පරිශීලකයන්ට සැකහැර දැන ගැනීම සඳහා කිව්.ආර් කේතය මත පදනම් වූ ’’ට්‍රේස් ඉට්’’ නම් ක්‍රමවේදයක් වෙරිටේ රිසර්ච් ආයතනයේ මාධ්‍ය අංශය පසුගියදා හඳුන්වා දුන්නේය. 31 March 2025
දොස්තර කුඩු ගහද්දී මාට්ටු අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන ඒවා පානය කරමින් සිටි වලස්මුල්ල මූලික රෝහලේ වෛද්‍යවරයකු හා ඔහුගේ මිතුරකු මාතර දීයගහ ප්‍රදේශයේ කඩ කාමරයක්දී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි. 31 March 2025
දරුවන්ගේ ලිංගික දර්ශන විදේශීයන්ට බෙදු අයෙකු අත්අඩංගුවට කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ සහ ඡායාරූප විදේශීය ජාතිකයන්ට බෙදා හැරී 20 හැවිරිදි තරුණයෙකු රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. 28 March 2025
සුපිරි වෙළඳසැලකින් භාණ්ඩ සොරා ගත් සේවකයා මාට්ටු අගලවත්ත සුපිරි වෙළඳසැලකින් රුපියල් ලක්ෂ13කට ආසන්න වටිනාකමකින් යුත් සහල්,පොල්තෙල් සහ පිටි, කිරිපිටි ඇතුළු භාණ්ඩ රැසක් සොරකම් කළ වෙළෙඳසැල් සේවකයෙක් සහ සහය දුන් ත්‍රීරෝද රථ රියදුරෙක් අද( 28 ) අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය පවසයි. 28 March 2025
මධ්‍යම අධිවේගයේ ඉඩම්වලට කෝටි 112ක් වැඩිපුර ගෙවලා මධ්‍යම අධිවේගි මාර්ග ව්‍යාපෘතිය සදහා ඉඩම් අත්පත්කර ගැනිමේ ක්‍රියාවලියේ ප්‍රමාදය හේතුවෙන් වන්දි ගෙවිමේ දි පොලි මුදල් ලෙස රුපියල් කෝටි 112 ක මුදලක් ඉඩම් හිමියන්ට ගෙවිමට සිදුවි ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 26 March 2025
දැරියක් අපයෝජනය කළැයි වසර 15ක සිරදඬුවමක් ටොෆි , චොක්ලට් දී පාසල් දැරියක් රවටා බාලවයස්කාර දැරියක ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වු 59 හැවිරිදි පුද්ගලයකුට බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අතවරයට පත් දැරියට ලක්ෂ තුනක වන්දියක් ගෙවීමටද විත්තිකරුට අද (25) නියම කළේය. 25 March 2025
විදුහල්පතිවරයා සිසුවාට පහරදී කලිසම කතුරකින් කපලා හඟුරන්කෙත දෙනිකේ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙකුට එම විදුහලේ විදුහල්පතිවරයා විසින් පහරදී හැඳ සිටි කලිසම කතුරකින් කපා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලිසිය විමර්ශන ආරම්භකොට තිබේ. 23 March 2025
‘අයිස්‘සමඟ පාසල් ගුරා අත්අඩංගුවට අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සන්තකයේ තබාගෙන සිටී 34 හැවිරිදි රජයේ පාසලක ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව නාගොල්ලාගම පොලිසිය පවසයි. 23 March 2025
ඇත් දළයක් විකුණන්න ගිය සෙබළුන් දෙදෙනා මාට්ටු ඇත් දළයක් අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි බව කියන යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි. 23 March 2025
ලක්ෂ 15ක දුම්වැටි ගුවන්තොටේදී අල්ලයි රුපියල් ලක්ෂ පහළොවක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 23 March 2025
පා පැදිකරු අනතුරට ලක්කර පළා ගිහින් පොළොන්නරුව, මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද රුවන්පිටිය හා මැණික්දෙනිය ප්‍රදේශය අතර පාපැදි කරුවකු වාහනයකින් හප්පා වාහනය පලාගොස් ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි. 23 March 2025
අයවැය ඡන්ද විමසීම තුන්වැනි වර කියවීමේ ඡන්දය අද රජයේ අයවැය ලේඛනය (2025) පිළිබඳ අවසාන ඡන්ද විමසීම තුන්වැනි වර කියවීමේ ඡන්දය පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරු 6.00ට පැවැත්වේ. 21 March 2025
දේශබන්දු සෙව්වන්දි සඟවාගෙන සිටි ආණ්ඩුවේ ප්‍රබලයා කවුද? පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ ඉෂාරා සෙව්වන්දි සඟවාගෙන සිටි ආණ්ඩුවේ ප්‍රබලයා කවුදැයි සමග ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (21) ප්‍රශ්න කළේය. 21 March 2025
ජාතික ජන බලවේග අය වැය ජාතික ජන බලවේග ආණ්ඩුව හා හා පුරා ගෙන ආ අය වැය IMF එකඟතාවය අනුව ඉදිරිපත් කළ අයවැයක් බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳුම්කරු මදුශාන් චන්ද්‍රජිත් පැවසීය. 18 February 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026