
(ෂේන් සෙනෙවිරත්න)
ඇත් දළයක් අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි බව කියන යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.
බෝයගනේ යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරනු ලබන බලලත් නිලධාරියෙකු සහ තවත් සොල්දාදුවෙකු එසේ අත්අඩංගුවට පත්ව සිටින අතර ඔවුන් සන්තකයේ තිබී සෙන්ටිමීටර 64ක් දිගැති ඇත් දළයක්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් දෙදෙනා එම ඇත් දළය කිසියම් ගැනුම්කරුවකුට අලෙවි කිරීම සඳහා මහනුවර වැව රවුමේ බෝට්ටු සේවය අසල රැඳී සිටියදී පොලිසියට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අද (23) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතවතිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd