(විමුක්ති එස් රුද්‍රිගු)
නැව්ගත කර මුහුදේ තිබෙන ඉරාන බොරතෙල් අලෙවි කිරීමට තිබූ සීමාවන් ඇමෙරිකාව දින 30 කාලයක් සඳහා ඉවත් කර තිබෙන බැවින් අවශ්‍ය නම් ඉරාන බොරතෙල් මිලදී ගැනීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ විදේශ කටයුතු අමාත්‍යංශය එක්ව ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වනු ඇතැයි ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකාව ඉල්ලීමක් කළහොත් මෙරටට අවශ්‍ය තෙල් සැපයුම් ලබාදීමට ඉරානයට හැකි බවට මෙරට ඉරාන තානාපති අලිරේසා ඩෙල්කොෂ් මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අප කළ විමසීමක දී බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ විදේශ කටයුතු අමාත්‍යංශය එක්ව සාකච්ඡාවක් පවත්වනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
බලශක්ති අමාත්‍යංශය ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ විදේශ කටයුතු අමාත්‍යංශය එක්ව සිදු කරන සාකච්ඡාවෙන් පසුව ඉරාන තානාපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරනු ඇතැයි ආරංචි මාර්ග පැවැසුවේය. කෙසේ වුවද ප්‍රකාශයක් කළ සැනින් තිරණයකට එළඹිය නොහැකි බවද ආරංචි මාර්ග පැවැසුවේය.
නමුත් ඉරාන බොරතෙල් මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් මතුවනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවද ආරංචි මාර්ග පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd