
(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් සැකකාර කපිල චන්ද්‍රසේනට ලැබුණු අල්ලස් මුදලින් රුපියල් කෝටි අටක මුදලක් හිටපු ජනාධිපතිවරයාට හා හිටපු ගුවන් සේවා අමාත්‍යවරයාට කොටස් වශයෙන් ලබා දී ඇති බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් අද පැවසීය.
බන්ධනාගාර ගත කර සිටින සැකකාර ශ්‍රි ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.
හිටපු ගුවන් සේවා අමාත්‍යය ප්‍රියංකර ජයරත්න සැකකරුට රුපියල් කෝටි දෙකක මුදලක් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රුපියල් කෝටි දෙක බැගින් කෝටි හයක මුදලක් ලබාදී ඇති බවද අල්ලස් කොමිසම වැඩිදුරටත් පැවසීය.
සිය බිරිද නමින් බෘනායි රටේ ව්‍යාජ සමාගමක් පිහිටුවා ප්‍රකට සිවිල් ගුවන්යානා සමාගමකින් (European Aeronautic Defence and Space company (EADS)) යූරෝ 1,454,645.54 ක(ඇමරිකන් ඩොලර් මිලියන දෙකක ) අල්ලසක් ලබා ගත්තේ යැයි කියන ශ්‍රි ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍ර සේන සැකකරු ලබන 02 දින දක්වා යළි ත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධානමය ස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න යුද්දේ දින්නා කියලා සුද්දේ දාපු හැටි මයිනයි මයිනාගේ ගෝලයොයි...
ලැජ්ජා නැති සාගර කාරියවසම් කියන කෙනා කියයි, අල්ලස් කොමිසම බලපැම් කරලා ගත් කට උත්තරයක් කියලා කපිල චන්ද්‍රසේනගෙන්...
ජනතාව ඇත්තනේ කියලා තියෙන්නේ, කාක්කාගේ තියෙන්නේ සුපිරිම ගැහිලි...
හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න සැකකරුට රුපියල් කෝටි දෙකක මුදලක් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රුපියල් කෝටි දෙක බැගින් කෝටි හයක මුදලක් ලබාදී ඇති බවද අල්ලස් කොමිසම වැඩිදුරටත් පැවසීය...
මේ හොර පාලනයෙන් බේරෙන්න ජේවීපී බර්බරි කොමිසමට කතා ගොතන්න ඕන කියන එක පුදුමයක් නොවෙයි. නාමල්ගේ ජනප්‍රියතාවය උපරිමයේ තියෙන නිසා රාජපක්ෂලාගෙන් කෙනෙක් ඕනෑ.
වෙන්ඩ බෑ. කෝටි 80 ක් කිව්වා නම් ටිකක් හරි ඇත්ත... බිලියන වලින්නේ මෙයාලාගේ හොරකම....
@Asela, ඔහොම විහිළු කරන්න කොහෙන්ද ඉගෙන ගත්තේ....?
හැම නාට්‍යකම තිරය ඇරෙනවා, තිරය වැහෙනවා පේනවා... හැබැයි නටපු තොවිලයකුත් නැහැ... බෙරේ පලුවකුත් නැහැ.
තෙල් නැහැ ගෑස් නෑ කියලා හිනාවෙන්න එපා. ආණ්ඩුවට විපතක්නේ වෙලා තියෙන්නේ...
කෙළවෙනකොට මොකක්හරි බොරුවක් දානවා ඩෝබිලා චූන් කරන්න.
මේවා දාලා ගල්අඟුරු මගඩිය වහන්න නම් බෑ....
කිරිබත් හදමුද නැහැ.... පොඩිත්තක් සුනන්ගු කරමු වෙනදා සේ පුස් වෙඩිල්ලක්ද කොහේද?
ගුණරත්න ඔලුව අතගාලා අමුත්තක් දැනෙනවාද කියලා බලන්න...
මහින්ද කියන්නේ සුනාම් ආධාරත් හොරාකාපු කෙනා. පොහොට්ටුවේ ඉන්න පට්ට හොරු ගැන දන්නෝ හොන්දාකාරවම දන්නවා... මහාපරිමාණ හොරකම්, වන්චා දූෂණ නාස්ති කරලා රටම විනාශ කරපු අය..
නාකිමයිනා දැන් රග පාන්නේ මොලේ මැරුණු විදියට මට මතක නැහැ කියන්න නාකි ඩේසි ආච්චි වගේ. නාකි මයිනා හිරගෙදර ඉන්න ඕනෑ කෙනෙක් තවමත් සිකුරුටි දීලා තියන් ඉන්නේ පිස්සො ඉන්න රටක්ද මේක...? කෝ නීතිය...? වෙනරටවල පොඩි අල්ලසක් ගත්තත් නායකයා හිරේ යනවා නාකිමයිනා විශාල වශයෙන් හොරකම් කරපු මිනිහෙක්.... ජනාධිපති කියන්න බැහැ මේ වගේ අයට... ඇයි මොවුන්ගේ පව්ලේ නඩු අහන්නේ නැත්තේ...? ඇයි දේපල රාජ සන්තක කරන්නේ නැත්තේ... කුඩු විකුණන අයගේ දේපල රාජ සන්තක කරනවා නම්. ඒ මිනිස්සු මොන විදියෙන් හරි මුදල් උපයලා ගත්තේ මොවුන් එහෙම නෙමේ. රටේ දේපල මුදල්. හොරා කෑවේ. ජනාදිපතිවෙලා ඇමතිවෙලා ඉද්දි. කෝ නීතිය. නඩු කීයක් පුවත් වලින් දැන ගන්නවද අද වෙනතුරු පරම්පරාවම එලියේ. මුන්ට දඩුවම් දෙන්නෙ කවදාද ආන්ඩුව පෙරලෙන්නෙ නැහැ බය නැතිව මුන්ව අත් අඩ්න්ගුවට ගන්න. ජනතාව තවත් ශක්තිමත් වෙනවා
කරන කලට පව් මිහිරිය මී සේ... විදින කලට පව් දැඩිවේ ගිනිසේ...
ආටක නාටක කෝලම් දැන් ඉතින් වුල්වහැම්ප්ටවන් වැඩේ කටලවෙලා නිසා තව නාටයක් ඕනෙ
යකුනේ බලපන් අද නිවුස්. ලපයාගේ හොරු රැළ රංගට කෙලවෙන්ට යන්නේ. දීපු දිවුරුම් පෙත්සම බලපන් පර ජෙපි ඩෝබි බලකාය.
චිචිගෙ රොකට් එක වගේ එයාර් බස් එකත් පැලවත්තටම කඩා වැටෙයි.
ඔන්න මුන් හැත්තම රට ගොඩ දාපු හැටි.. යුද්දේ දිනාපු නායකයා කියලා ලේබල් ගහගෙන කරපු හරිය... මුන් නම් කාලකන්නිම තමයි...