ව්‍යාපාර වර්ධනය, මූල්‍ය ස්ථාවරත්වය සහ පාරිභෝගික විශ්වාසය පිළිබිඹු කරමින් ලක්දෙරණ ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසි වැනි සංවත්සරය සැමරීය. ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ, බැංකු සහ මූල්‍ය අංශයේ සාමාජිකයන්ගේ සහ සමාගමේ සේවක මණ්ඩලයේ සහභාගීත්වයෙන් මාර්තු 07 මොනාක් ඉම්පීරියල්හිදී සංවත්සර උත්සවය පැවැත්විණි.
2006දී ව්‍යවසායකයන් සය දෙනකුගෙන් සැදුම් ලත් කණ්ඩායමක් සමග ඇරැඹූ ලක්දෙරණ ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම වර්තමානයේදී දිවයින පුරා ශාඛා 32 ක් දක්වා ව්‍යාප්ත වී එක් දින මූල්‍ය සේවාව හරහා විශාල පාරිභෝගිකයන් සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගැනීමට සමත් වී ඇත. සමාගමේ මෙම ප්‍රධාන මූල්‍ය සේවාවට අමතරව ලක්දෙරණ රන් සවිය, රන් ඉතිරිය යන රන් ණය සේවා පවතී. තෙවසරක් වැනි කාලයකදී රන් ණය අංශය ශාඛා 12ක් දක්වා වර්ධනය වී ඇති අතර, ගනුදෙනුකරුවන් විශාල සංඛ්‍යාවකගේ දෛනික ව්‍යාපාර මූල්‍ය අවශ්‍යතා සඳහා සහාය දීමට සමත් වී ඇත.
සමාගමේ ප්‍රගතිය සඳහා එහි BB (ස්ථාවර) ණය ශ්‍රේණිගත කිරීම විශාල වටිනාකමක් එක් කර ඇති අතර, එහි ශක්තිමත් පාලනය, විනයගරුක මූල්‍ය කළමනාකරණය, විචක්ෂණශීලී අවදානම් හැසිරවීම මෙම ණය ශ්‍රේණිගත කිරීමෙන් මැනවින් පිළිබිඹු කරයි. අභියෝගාත්මක ආර්ථීක පසුබිමක් පැවැති කාලවල පවා ලක්දෙරණ ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම ප්‍රමුඛ වාණිජ බැංකු, මූල්‍ය ආයතන සහ මූල්‍ය හවුල්කරුවන් සමඟ විශ්වාසනීයත්වය තහවුරු කරමින් ශක්තිමත් ව්‍යාපාරික සබඳතාවක් පවත්වා ගෙන ගොස් ඇත.
ලක්දෙරණ ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ සේවා ශ්‍රී ලංකාවේ ආර්ථීකය නියෝජනය කරන කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, තොග හා සිල්ලර වෙළෙඳාම, ආනයන අපනයන ක්‍රියාකාරකම් ඇතුළු බහුවිධ අංශ සියල්ලක්ම නියෝජනය කරන අතර එමගින් බිම් මට්ටමේ ව්‍යවසායකත්වය සහ දේශීය කර්මාන්ත වර්ධනය සඳහා විශාල දායකත්වයක් සපයා ඇත. සමාගම මෙලෙස වර්ධනය වීම උදෙසා එහි වෘත්තීයභාවය, නවෝත්පාදනය සහ කැපවීම මත ගොඩනැගුණු ආකර්ෂණීය සංස්කෘතිය මනා පිටිවහලක් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd