(රෝෂන් තුෂාර)

රුපියල් ලක්ෂ 2395 වැට් හා ආදායම් බදු ගෙවීම පැහැර හැරියේ යැයි කියන ප්‍රසිද්ධ චොකලට් සමාගමකට මැයි මස 05 වෙනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නොතීසී නිකුත් කරමින් නියෝග කළේය.

දේශීය ආදායම් කොමසාරිස්වරයා චොක්ලට් සමාගම විත්තිකරු කරමින් පැවරූ නඩු දෙකක් සලකා බැලීමෙන් පසුව මෙම නොතීසිය නිකුත් කළේය.

විත්තිකාර චොක්ලට් සමාගමට 2019 වර්ෂයේ සඳහා ගෙවියයුතු රුපියල් 108 232 919.90වැට් බදු හා රුපියල් 27713203.60 ආදායම් බදු නොගෙවා පැහැරහැරීම සම්බන්ධයෙන් මෙම නඩු දෙක පවරා තිබිණි.

දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ වග උත්තරකාර ආයතනයට අධිකරණයේ පෙනී සිටින ලෙසට දේශීය ආදායම කොමසාරිස්වරයා දැනුම් දී තිබුණත් ඔවුන් අධිකරණයේ පෙනී සිට නොමැති බවය.