
(අමිල චින්තක ගමගේ)
ජාතික ජන බලවේග ආණ්ඩුව හා හා පුරා ගෙන ආ අය වැය IMF එකඟතාවය අනුව ඉදිරිපත් කළ අයවැයක් බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳුම්කරු මදුශාන් චන්ද්‍රජිත් පැවසීය.
බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු අද(18) එසේ සඳහන් කළේය.
ජාතික ජනබල වේග ආණ්ඩුව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අධ්‍යාපනයට 6%ක් වෙන් කරන බව පැවසුවත් මෙවර ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සීයට 3%ක්වත් වෙන්කර නැති බව ඔහු සඳහන් කළේය.
මෙවර අයවැයෙන් වැඩිම මුදල ආරක්ෂක වියදම් වලට වෙන්කර ඇති බවත් එම මුදල බිලියන 692 ක් වන බවද එසේ වෙන් කළේ රාජ්‍ය මර්දනය සඳහාදැයි ඔහු ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.
විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ දීමනාව 10 000 ක් කරන ලෙස ඉල්ලා සිටියේ 2019 සිට බවත් මෙවර වැඩිකළ මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව ඔහු කීය.නව ලිබරල් ධනවාදයට එරෙහිව සටන් කරපු අයම නව ලිබරල් වැඩපිළිවෙළ වෙනුවෙන් පෙනී සිටීම හාස්‍යජනක බවද ඔහු කීය.අයවැය කතාවේදී ජනාධිපතිවරයා රටේ ජනතාවද ආර්ථිකයට සම්බන්ධ කරගන්නා බව පැවසුවත් එයට ජනතාව සම්බන්ධ කරගන්නේ හැමෝටම බදු ගහලා දැයි ප්‍රශ්න කරන බව ඔහු සදහන් කළේය.
ශිෂ්‍යයන් ලෙස තමන්ගේ යෝජනා ඉටු කිරීමට වත්මන් ආණ්ඩුව අසමත් වී ඇති බවත් එම අරමුණු ඉටු නොවෙන්නේ නම් ඉදිරියේදී මහ පාරේ අරගලයට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සූදානම් බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd