(මනෝප්‍රිය ගුණසේකර)

ටොෆි , චොක්ලට් දී පාසල් දැරියක් රවටා බාලවයස්කාර දැරියක ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වු 59 හැවිරිදි පුද්ගලයකුට බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අතවරයට පත් දැරියට ලක්ෂ තුනක වන්දියක් ගෙවීමටද විත්තිකරුට අද (25) නියම කළේය.

වසර 14කට පෙර කළ මෙම අපරාධයට විත්තිකරුට රුපියල් 75,000 ක දඩයක් ගෙවීමටද නියම කළ විනිසුරුවරයා, එම දඩ මුදල සහ වන්දි මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතර වසර දෙකක ලිහිල් සිර දඬුවම් දිමටද නියම කළේය.

2011 වසරේදී 09 වන වියේ පසුවූ පාසල් දැරිය ලිංගික අපයෝජනය කළ බවට විත්තිකරුට එරෙහිවව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණී.