
(ඉන්දිකා රාමනායක )
අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සන්තකයේ තබාගෙන සිටී 34 හැවිරිදි රජයේ පාසලක ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව නාගොල්ලාගම පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ අයිස් ග්‍රෑම් හතරක ප්‍රමාණයක්, ගංජා ග්‍රෑම් තුනක ප්‍රමාණයක් සහ විවිධ වර්ගයේ මත්පෙති 58 ක් තිබූ බවයි පොලිසිය සඳහන් කළේය.
මෙම සැකකරු සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරකට අනුව, ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඉහත භාණ්ඩ හමු ව ඇත.
. සැකකාර ගුරුවරයා නාගොල්ලාගම ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික අංශයේ සේවය කරන්නෙකු බව පොලිසිය සඳහන් කළේය.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd