(ජේ.කේ.එල්. චාමින්ද)

මධ්‍යම අධිවේගි මාර්ග  ව්‍යාපෘතිය සදහා ඉඩම්  අත්පත්කර ගැනිමේ  ක්‍රියාවලියේ   ප්‍රමාදය හේතුවෙන් වන්දි ගෙවිමේ දි   පොලි මුදල් ලෙස  රුපියල් කෝටි  112 ක   මුදලක් ඉඩම් හිමියන්ට ගෙවිමට සිදුවි ඇති බව    ජාතික විගණන කාර්යාලය  නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙකි පොලි වියදම ව්‍යාපෘතියේ  වියදම  ඉක්මවා යාමට සෘජුවම  බලපා ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. 

මෙකි ව්‍යාපෘතිය සදහා ඉඩම් කැබලි 5245 ක්   අත්පත් කරගෙන තිබිණි.

 ඉඩම් අත්පත්කර ගැනිමේ 44 වැනි වගන්තියට අනුව  මෙම ව්‍යාපෘතිය යටතේ 2023 වර්ෂය අවසානය වනවිට  ලියාපදිංචි කර තිබුණේ ඉඩම් කැබැලි 1377ක් පමණක් බවද  විගණන වාර්තාවේ සදහන් වේ.