
(මදුශානි අබේසිංහ )
පොළොන්නරුව, මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද රුවන්පිටිය හා මැණික්දෙනිය ප්‍රදේශය අතර පාපැදි කරුවකු වාහනයකින් හප්පා වාහනය පලාගොස් ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි.
අනතුරට ලක්වූ පා පැදිකරු මියගොස් ඇතැයිද පොලීසිය කියයි.
ඊයේ ( 22 ) රාත්‍රියේදී මෙම අනතුර සිදුව ඇති අතර මෙම අනතුරින් මියගොස් ඇත්තේ වාලචේන පූනානි ලිපිනයේ පදිංචිව සිටි සුන්තලේ ගෙදර හේමචන්ද්‍ර යන 59 වියති තිදරු පියකු බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය පවසයි.
පාපැදිකරු වැලිකන්ද ප්‍රදේශයේ සිට පූනානි ප්‍රදේශයට ගමන් කර ඇති අතර අනතුර සිදුකළ වාහනය මඩකළපුව සිට පොළොන්නරුව දෙසට ගමන් කර තිබෙන බවද පොලිසිය කියයි. පළා ගිය වාහනය සොයා පරීක්සණ අරධා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd