(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ ඉෂාරා සෙව්වන්දි සඟවාගෙන සිටි ආණ්ඩුවේ ප්‍රබලයා කවුදැයි සමග ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (21) ප්‍රශ්න කළේය.
ජයසේකර මහතා මෙසේ ප්‍රශ්න කළේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා:
දේශබන්දු තෙන්නකෝන් ඉන්න තැන මම දන්නවා කියලා කිව්වා කියලා සමාජ මාධ්‍යවල ප්‍රචාරයක් යනවා. මම එහෙම ප්‍රකාශයක් කරලා නැහැ. මම කියලා තියෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා පමණයි. අපි නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. ඔය අවස්ථාවේ තමයි දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට ඇවිල්ල තියෙන්නේ. සෙව්වන්දි හෝ දේශබන්දු සිටින තැන දන්නවා කියලා මම කොහෙවත් කියලා නෑ. නීතිය ක්‍රියාත්මක කරනවා කියලා විතරයි කියන්න තියෙන්නේ.
ජයසේකර මහතා:
මම බොරු සමාජ ගත කරන්නේ නැහැ. පොලිස්පති ඉන්න තැනත් ඉෂාරා සෙව්වන්ති ඉන්න තැනත් දන්නවා කියල ඔබතුමා රූපවාහිනියකට ගිහිල්ලා කිව්වා. මම ඒක දැන් සභාගත කරනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd