(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රජයේ අයවැය ලේඛනය (2025) පිළිබඳ අවසාන ඡන්ද විමසීම  තුන්වැනි වර කියවීමේ   ඡන්දය පාර්ලිමේන්තුවේදී අද (21)  පස්වරු  6.00ට පැවැත්වේ.

මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය  පිළිබඳ විවාදය දෙවැනි දිනයටත් අද පැවැත්වේ.

ඡන්ද විමසීම පැවැත්වෙන්නේ ඉන් අනතුරුවය. ජනාධිපතිවරයා අයවැය ලේඛනය ( අයවැය කතාව) පාර්ලිමේන්තුවට  පෙබරවාරි මස 17 ඉදිරිපත් කිරීමෙන් පසු අයවැය විවාද දින  26 ක්  පුරා  පැවැත්විණ.

අයවැය දෙවෙනි වර කියවීමේ විවාදය  පැවැත්වුණෙ  පෙබරවාරි මස 18 සිට මාර්තු මස 25 දක්වාය.

 අයවැය කාරක සභා අවස්ථාවේ විවාද  පෙබරවාරි  27 වැනිදා ආරම්භ කෙරුණු  අතර විවාදය  අද(21)  දක්වා පැවැත්වේ. ඡන්ද විමසීම පැවැත්වෙන හෙයින් කොළඹ රැඳී සිටින ලෙස සියලු පක්ෂ නායකයන් තම   පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත.

අයවැය අවසාන ඡන්ද විමසීම පැවැත්වෙන අද  දිනයේ පාර්ලිමේන්තුවේ සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන දැඩි කෙරේ.