(ලක්මි කුඩලිගම )

අගලවත්ත සුපිරි වෙළඳසැලකින් රුපියල් ලක්ෂ13කට ආසන්න වටිනාකමකින් යුත් සහල්,පොල්තෙල්  සහ පිටි, කිරිපිටි ඇතුළු භාණ්ඩ රැසක් සොරකම් කළ වෙළෙඳසැල් සේවකයෙක් සහ සහය දුන් ත්‍රීරෝද රථ රියදුරෙක් අද( 28 ) අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය පවසයි.

මෙම සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනේ අගලවත්ත ඩාර්ඩ්ටන්වත්ත ප්‍රදේශයේ පදිංචි එම  වෙළෙඳසැලේම සේවය කරන සේවකයෙකු වූ (34) හැවිරිදි  පුද්ගලයෙක් සහ   ත්‍රීවිල් රථය  යොදාගෙන සොරකමට සහාය ලබා දුන් අගලවත්ත පිඹුර ප්‍රදේශයේ පදිංචි( 37) පුද්ගලයෙක් බව පොලිසිය සඳහන් කරයි.

අගලවත්ත නගරයේ පිහිටි ප්‍රධාන පෙලේ  තොග  වෙළෙඳ සැලක භාණ්ඩ තොග අස්ථානගතවන බවට  වෙළඳසැලේ කළමනාකාරීත්වය විසින් ඉකුද්දා  අගලවත්ත පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරි පත්කර තිබේ.