
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන ඒවා පානය කරමින් සිටි වලස්මුල්ල මූලික රෝහලේ වෛද්‍යවරයකු හා ඔහුගේ මිතුරකු මාතර දීයගහ ප්‍රදේශයේ කඩ කාමරයක්දී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි.
අදාල වෛද්‍යවරයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්රැම් 400 ක් ද ඔහුගේ මිතුරා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්රැම් 2100 ක් හා හෙරෝයින් මත්ද්‍රව්‍ය මිලි ග්රැම් 180 ක් ද පොලීසිය සොයා ගෙන ඇත.
ඊට අමතරව සැකකාර වෛද්‍යවරයා එම ස්ථානයට පැමිණි සුබෝපභෝගී මෝටර් රථය ද ඔහුගේ වෛද්‍ය නලාව ද පොලිස් බාරයට ගෙන තිබේ.
34 වැනි වයසේ පසුවන ඔවුන් දෙදෙනාම කොළඹ ජනප්‍රිය පාසල්වල ඉගෙනුම ලබා ඇති බවත් සැකකාර වෛද්‍යවරයා 2016 වසරේ දී වෛද්‍ය උපාධිය ලබා ගෙන ඇති බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙයාල ස්ට්‍රයික් කරයිද?
මුන්ව හදපු දෙමාපියන් හරිම පව් බන්
ඇයි දොස්තරලා කියලා සාමාන්‍ය මිනිස්සු කරන දේවල් අත්හදා බලන්න බැරිද
ගොමා කට්ටිය කොහෙද? වෙද නලාව අත්අඩංගුවට ගත්තට ස්ට්‍රයික් එකක්වත් කරමුද?
කෝ මේ ගොම සංගමය ස්ට්‍රයික් එකක් කරන්නෙ නැතෙයි මේ සම්බන්ඳව ?
කුඩු පට්ටම් කල සමාජයක මත්ද්‍රව්‍ය පාවාච්චි කලේ වෛද්‍ය වරයාද, පූජකයාද,විශ්ව විද්‍යාල ශිෂ්‍යද යන්න නොව සෙවිය යුත්තේ මෙවන් සමාජවක් නිර්මාණය වූයේ කෙසේද? එයින් සමාජය ගලවා ගන්නේ කෙස්ද යන්නයි කලයුත්ත. වෘත්තීන් හෝ වෙනත් කොයියම්ම ජන කොටසකි උවද මේ අපරාධයේ කෙටස් කරැවන් වීමට ඇති සියලු අවස්ථානි මේ සමාජවෙන් තුරන්කිරී මේ කර්‍යට අප සැවොම එක්ව දායක වෙමු෴
සමහර විට හෙට දොස්තරලා වැඩ වර්ජනයක් කරයිද දන්නෙ නැහැ, දොස්තරයෙක් අත් අඩංගුවට ගන්න පොලිසියට අයිතියක් නැහැ කියලා..... ඒ නිසා හෙට ක්ලිනික් එකට එන්න කලියෙන් දොස්තර සංගමයෙන් අහලා බලන්න !
මුන්ගේ ඇමති ගහල ඉන්නේත් මේවා!
කිසි වරදක් නොකල පුද්ගලයා පලමු ගල ගහන්න…!
පොලිසිය කොහොමද 180 mg 400mg වගේ බර මනින්නේ... එච්චර කුඩා අගයක් මනින්න සාමාන්‍ය තත්වයක්දී බෑ. මේ බර නම් බොරු.. මීට වඩා මත්ද්‍රව්‍ය තියන රටවල නීතිය තමයි. මත්ද්‍රව්‍ය භාවිතා කළ හැක. නමුත් රාජකාරී කාලසීමාවේදී එහි බලපෑම නොවිය යුතුයි. හෙරොයින් නම් බලපෑමක් තියනවා. නමුත් ice වගේ එකක් නිකන් අරක්කු වගේ බලපෑම යම්කිසි මොහොතක ඉවරයි. ඕනෑම වෘත්තියක අයකුට වැඩ බිමේ අනීතික දේවල් නොකර පිටදී සාමාන්‍ය සමාජයේ වෙන දේවල් කිරීමට අයිතියක් තිබේ. මෙතැන ඉන්ජිනේරුවෙක් නීති වේදීයෙක්, විනිසුරෙක් වුණා නම් මේක මෙච්චර මාකට් වෙන්නේ නෑ. ඕනෑම් වෘර්තිකයෙකුට පුද්ගලික ජීවිතයක් තිබේ...
වෛද්‍යවරු හෙට වැඩ වර්ජන කරයිද? මෙයාව බේරගන්න
මේ දුප්පත් රටේ දොස්තරලා වැඩ වර්ජන කරනකොට අපට නිකමට හිතුනා හොඳ සිහියෙන් නෙමෙයි කියලා..
වෛද්‍යවරුන්ද මිනිසුන් වන අතර, ඔවුන්ට ඇත්තේද රටේ අනිකුත් මිනිසුන්ට ඇති අශාවන්මය.
මාලිමාවුන් විපක්ෂයේ ඉන්න කාලේ කිව්වා අපිට බලය දෙන්න බලය දීලා සතියෙන්, දෙකෙන් කුඩු නැති කරනවා ආදී කතා, මිනිස්සුත් රැවටිලා ඉතිහාසේ ලොකුම ජනවරම දීලත්, දැන් කියන්නේ නම් එහෙම කරන්න සක්කරයාටවත් බැහැ.. අවම කරන්න නම් පුළුවන් කියලා...
සුවර් එකටම කවුරුහරි ඕවා කාරෙකට දාලා තරහට...!
රෝගියෙක් ළඟ තිබුණු යම් දෙයක් අයිස් ද කියලා පරීක්ෂණයක් කරනකොට තරහ කාරයෙක් පොලිසියට කියලා හෙට පත්තරේ බලන්න.
දීපව්‍යාප්ත වැඩ වර්ජන, වෛද්‍යවරුන්ට නිදහසේ මත්කුඩු පානය කිරීමට නොහැකි වීමට එරෙහිව...
මුන් දුවන්නෙම පොඩි පොඩි දේවල් අල්ලලා ලොකු දේවල් වහලා දානවා ... හැමදම කරේ කුඩු අරවයි මේවයි ගහන එකායි විකුණන එකයි අල්ලනව.. ඒත් ඔය ගෙනල්ලා බෙදන උන්ව කවදාවත් අල්ලනවද? ඇල්ලුවත් උන්ට නීතිය ඔහොම වැඩ කරනවැඩ ... මේ බල්ලෝ දන්නෙම පොඩි පොඩි දෙයක් කරලා අර සුද්ධ අන්ධවපු කාකි ඇඳුම ඇඳන් රඟන එක... උන් දන්නේ පොඩි පොඩි මාළු ලොකු ලොකු උන්ව කරන්න විතරයි.. කවදාවත් මේක ඉවර කරන්න බැහැ නෑ.. නැති බැරි එකම තල තලා ඉන්නව මෝඩ යක්කු