(මනෝප්රිය ගුණසේකර)
එංගලන්තයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක පැවති උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා පුද්ගලික සංචාරයකට ගොස් දවස් එකහමාරක කාලයක් සඳහා අටවැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් කෝටි 1 1/2කට අධික මුදලක් වැය කර රජයට පාඩු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ උපදෙස් දෙසැම්බර් 09 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස කොටුව වැඩබලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි මහතා අද නියම කළේය.
කුරුණෑගල පදිංචි වී.එස්. කරුණාරත්න මහතා ජනාධිපතිවරයාට කළ පැමිණිල්ලකට අනුව ජනාධිපති ලේකම්වරයා කළ අභ්‍යන්තර විගණයකින් අනතුරුව පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකින් පසු රහස් පොලිසිය සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 08 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ඇමරිකාවේ සහ කියුබාවේ නිල සංචාරයක් අතරතුර 2023 සැප්තැම්බැර් 22 සහ 23 වැනි දිනවල ලන්ඩනයේ ‘වුල් හැම්ප්ටන්’ විශ්ව විදා්‍යාලයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදානොත්සවය සඳහා ලැබුණු පෞද්ගලික ආරධනයකට අනුව එහි ගොස් රුපියල් ලක්ෂ 166ක රජයේ අරමුදල් වියදම් කිරීම පිළිබද මෙම විමර්ශන ආරම්භ කර ඇත.
සිද්ධියට අදාළ පැමිණීල්ල කැඳවු අවස්ථාවේදී සැකකරුවන් වන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ ලේකම්වරයා වු සොමිසාර බණ්ඩාර ඒකනායක හෙවත් සමන් ඒකනායක මහතා අධිකරණයේ පෙනී සිටියහ.
සිද්ධියට අදාළ පැමිණීල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද හේරත් මහතා සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd