මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය.

මැදපෙරදිග යුද උණුසුම ආරම්භ වූ දා පටන් ලියෝ පාප්තුමන් සාමය ප්‍රාර්ථනා කර ඇත. ඔහු අද (15) වතිකානයේ පැවැති දේව මෙහෙය අතරතුරේ යළිත් වරක් ලෝක ප්‍රජාවගෙන් සාමය ප්‍රාර්ථනා කළේය.

ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය දියත් කර ඇති යුද්ධය වහා නතර කර, සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට පියවර ගන්නා ලෙස පාප්තුමා අධාරණය කළේය.