(රෝෂන් තුෂාර)

අනතුරටපත් වාහන සඳහා වන්දි ගෙවීමට අදාලව ආණ්ඩුවේ රස පරීක්ෂක කාර්යාලයේ  වාර්තා නීත්‍යනුකූල නොවන ආකාරයට ලබාදීමට රුපියල්  6,415,050.00 (රුපියල් හැටහතර ලක්ෂ පහළොස්දහස් පනහක) මුදලක් අල්ලසක්  ගත්තේ යැයි බන්ධනාගාර ගතව සිටි  විශ්‍රාමලත් රජයේ අතිරේක රස පරීක්ෂකවරයා සහ රක්ෂණ සමාගමේ උප සභාපතිවරයා දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කොළම ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා (22) නියෝග කළේය.

සැකකාර රස පරීක්ෂක ඩී.එච්.එල්.ඩබ්.ජයමාන්න හාපුද්ගලික රක්ෂණ සමාගමේ නියෝජ්‍ය සභාපති ගනේ ආරච්චිගේ දේශාකර් වමින්ද ද සිල්වා  සැකකරුවන්ට සැකකරුවන් රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරිර ඇප  දෙක බැගින් නියම කළ මහේස්ත්‍රාත්වරයා  සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බවටද නියෝගග කළේය. සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසටද වැඩිදුරටත් දන්වා සිටියේය.

ඊයේ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඩී.එච්.එල්.ඩබ්.ජයමාන්න,නියෝජ්‍ය සභාපති ගනේ ආරච්චිගේ දේශාකර් වමින්ද ද සිල්වා  සැකකරුවන් දෙදෙනා  බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර  ඇප මත සිටින එම් එල් ගුණදාස
සැකකරු අධිකරණයේ පෙනී සිටියේය. 

සැකකරුවන්  වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥවරුන් වන කාලිංග ඉන්ද්‍රතිස්ස , අලි සබ්රි, ඩිලාන් රත්නායක යන මහත්වරුන් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

අල්ලස් කොමිසම වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින්  කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවය.

ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා  සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස නියෝග කළ අතර වැඩිදුර වාර්තා  පෙබරවාරි මස 27 කැඳවන ලෙස නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති  යන අය විවෘත අධිකරණයේ නඩුව කැඳවන අවස්ථාවේ පෙනී සිටියේය‍