
(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් සැකකාර කපිල චන්ද්‍රසේනට ලැබුණු අල්ලස් මුදලින් රුපියල් කෝටි අටක මුදලක් හිටපු ජනාධිපතිවරයාට හා හිටපු ගුවන් සේවා අමාත්‍යවරයාට කොටස් වශයෙන් ලබා දී ඇති බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් අද පැවසීය.
බන්ධනාගාර ගත කර සිටින සැකකාර ශ්‍රි ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.
හිටපු ගුවන් සේවා අමාත්‍යය ප්‍රියංකර ජයරත්න සැකකරුට රුපියල් කෝටි දෙකක මුදලක් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රුපියල් කෝටි දෙක බැගින් කෝටි හයක මුදලක් ලබාදී ඇති බවද අල්ලස් කොමිසම වැඩිදුරටත් පැවසීය.
සිය බිරිද නමින් බෘනායි රටේ ව්‍යාජ සමාගමක් පිහිටුවා ප්‍රකට සිවිල් ගුවන්යානා සමාගමකින් (European Aeronautic Defence and Space company (EADS)) යූරෝ 1,454,645.54 ක(ඇමරිකන් ඩොලර් මිලියන දෙකක ) අල්ලසක් ලබා ගත්තේ යැයි කියන ශ්‍රි ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍ර සේන සැකකරු ලබන 02 දින දක්වා යළි ත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධානමය ස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න යුද්දේ දින්නා කියලා සුද්දේ දාපු හැටි මයිනයි මයිනාගේ ගෝලයොයි...
ලැජ්ජා නැති සාගර කාරියවසම් කියන කෙනා කියයි, අල්ලස් කොමිසම බලපැම් කරලා ගත් කට උත්තරයක් කියලා කපිල චන්ද්‍රසේනගෙන්...
ජනතාව ඇත්තනේ කියලා තියෙන්නේ, කාක්කාගේ තියෙන්නේ සුපිරිම ගැහිලි...
හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න සැකකරුට රුපියල් කෝටි දෙකක මුදලක් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රුපියල් කෝටි දෙක බැගින් කෝටි හයක මුදලක් ලබාදී ඇති බවද අල්ලස් කොමිසම වැඩිදුරටත් පැවසීය...
මේ හොර පාලනයෙන් බේරෙන්න ජේවීපී බර්බරි කොමිසමට කතා ගොතන්න ඕන කියන එක පුදුමයක් නොවෙයි. නාමල්ගේ ජනප්‍රියතාවය උපරිමයේ තියෙන නිසා රාජපක්ෂලාගෙන් කෙනෙක් ඕනෑ.
වෙන්ඩ බෑ. කෝටි 80 ක් කිව්වා නම් ටිකක් හරි ඇත්ත... බිලියන වලින්නේ මෙයාලාගේ හොරකම....
@Asela, ඔහොම විහිළු කරන්න කොහෙන්ද ඉගෙන ගත්තේ....?
තෙල් නැහැ ගෑස් නෑ කියලා හිනාවෙන්න එපා. ආණ්ඩුවට විපතක්නේ වෙලා තියෙන්නේ...
කෙළවෙනකොට මොකක්හරි බොරුවක් දානවා ඩෝබිලා චූන් කරන්න.