(අංජුල මහික වීරරත්න)
රියදුරු බලපත්‍ර අපේක්ෂකයින්ට වෛද්‍ය සහතිකය නිකුත් කිරීමේදී ඇතිවන අපහසුතා මගහරවා කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් සැපයීමේ අරමුණින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සැප්තැම්බර් 24 දින සිට වෙබ් අඩවිය හා ඕනෑම දුරකථන ජාලයක් භාවිතා කිරීම මගින් නොමිලේ පහසු දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමේ නව පද්ධතිය හඳුන්වා දී තිබේ.
මෙහිදී, appointment.ntmi.lk වෙබ් අඩවිය මගින් හෝ ප්‍රදේශයට අදාළ ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රාදේශීය දුරකථන කේතය (SLT Area Code) සමග, 2 10 20 21 ඇමතීම මගින් සේවා ලබාගැනීමට පහසු දිනයක් හා වේලාවක් වෙන්කිරීමේ හැකියාව ඇත.
ඒ අනුව සැප්තැම්බර් 24 න් පසු සේවාව ලබාගන්නා සියළු සේවාලාභීන් වේලාවක් වෙන්කර ගෙන පැමිණීම අනිවාර්ය වේ.
වේලාව වෙන් කළ දිනට නොපැමිණියහොත් එය ස්වයංක්‍රීයව අවලංගු වන අතර, වෙන්කර ගත් වේලාව අවලංගු කිරීමකින් තොරව නව වේලාවක් වෙන්කළ නොහැකි බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය යු.සී.පී.පෙරේරා මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd