දිනේෂ් සමරකෝන්
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වුණු ආපදා තත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රටවල් 22කින් ආහාර ද්‍රව්‍ය ටොන් 2,161.72ක් ලැබී ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පැවසීය.
එම ආධාර කළමනාකරණය කිරීම සඳහා තමාගේ සභාපතීත්වයෙන් පත් කළ ඉහළ මට්ටමේ කමිටුව කිහිපවරක් රැස් වූ බවත්, ඒ කමිටුව හරහා අධාර කළමනාකරණය කර බෙදා හැරීම සිදු කරන බවත් කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඊයේ(30) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම සඳහන් කළේය.
එහිදී ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඉන්දියාව, ඊශ්‍රායලය, මාලදිවයින, පාකිස්තානය, ඕමානය, රුසියාව, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සිංගප්පූරුව, ඩෙන්මාකය, එක්සත් රාජධානිය, චීනය, ස්විස්ටර්ලන්තය, ජපානය, මියන්මාරය, බංග්ලාදේශය, ජර්මනිය, නෙදර්ලන්තය, ප්‍රංශය, කටාර් යන රටවල් 22න් මානුෂීය ආධාර ලබා දුන් බව ද ඔහු පැවසීය.
මේ අතර, එම සියලුම රටවල් වලින් ලැබුණු ආහාර ද්‍රව්‍ය ටොන් 2,161.72ක් අතරින් ටොන් 1800ක ප්‍රමාණයක් දිස්ත්‍රික් 20කට ලබා දී ඇති බවත් සිවිල් ඉංජිනේරු භාණ්ඩ 270න් 210 ක් දිස්ත්‍රික්ක 9කට නිකුත් කර ඇති බවත් ජයසේකර මහතා කීය
ටොන් 55ක් බර පාලම් 4ක් මාර්ග සංවර්ධන අධිකාරියට ද, ආපදා කළමනාකරන මධ්‍යස්ථානයට විශාල ට්‍රක් රථ 2ක්, කුඩා ට්‍රක් රථ 3ක්, වතුර බවුසර් 1ක්, කසල ලොරි 1ක් ලෙස වාහන 7ක් ඉන්දියාවෙන් ලැබුණු බව ද ඒ මහතා පැවසීය.
මේ අතර, ඖෂධ ද්‍රව්‍ය ටොන් 26ට වැඩි ප්‍රමාණයක් ලැබුණු බවත්, එම ඖෂධ ද්‍රව්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දුන් බවත් නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.