මාතර , තිහගොඩ ,කිතලගම මධ්‍යම ‘පුබුදු මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ ‘වාර්ෂික විවිධ ප්‍රසංගය පසුගියදා එම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන භූමියේදී පැවැත්විණි.

විසි වැනි වතාවට මෙවර  උත්සවය සංවිධානය කර තිබු අතර මෙහිදී දරු දැරියන් 25 දෙනකු සිය දස්කම් පෑහ.

මුල්ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ප්‍රධාන පාලිකා ශිරෝමා තුෂාරි විතාරණ සහ සහ සහය පාලිකා අනුෂා සංජීවනී විතාරණ යන මහත්මීන්ගේ මෙහෙයවීම අධික්ෂණය යටතේ මව්පියන් ඇතුළු ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.