(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් කුඩගම්මන මහා විද්‍යාලයෙන් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි සිසු සිසුවියෝ විෂයයන් දෙකකට හැර සෙසු සියලු විෂයන් සඳහාට සියයක සියයක සමත් ප්‍රතිශතයක් වාර්තා කරමින් විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගෙන ඇතැයි විදුහල්පතිනි ජයමිණී හරිස් චන්ද්‍ර මෙනවීය සඳහන් කළාය.

පාසලේ සිසුන් 16 දෙනකු මෙවර විභාගයට පෙනී සිටි අතර, ඉන් බුද්ධ ධර්මය, විද්‍යාව, සිංහල භාෂාව හා සාහිත්‍යය, ඉංග්‍රීසි භාෂාව, ඉතිහාසය සහ භූගෝල විද්‍යාව යන ප්‍රධාන විෂයන් හය සඳහාම පෙනී සිටි සිසුන් සියලු දෙනාම විභාගය සමත් වී තිබීම විශේෂත්වයකි.

එහිදී බුද්ධ ධර්මය විෂය සඳහා 'A' සාමාර්ථ 04ක් ද, ඉතිහාසය විෂය සඳහා 'A' සාමාර්ථ 03ක් සහ 'B' සාමාර්ථ 05ක් ද, භූගෝල විද්‍යාව විෂය සඳහා 'A' සාමාර්ථ 04ක් ද වශයෙන් සිසුන් ඉහළ සාමාර්ථ ලබාගෙන ඇත.

ගණිතය විෂය සඳහා පෙනී සිටි සිසුන් 16 දෙනාගෙන් 15 දෙනෙකුම විශිෂ්ට ලෙස සමත්ව තිබීම විශේෂත්වයකි.

විද්‍යාලයේ සෞන්දර්ය හා ප්‍රායෝගික විෂය ධාරාවන් හැදෑරූ සිසුන් ද කිසිවෙකු අසමත් නොවී සියයට සීයයක පූර්ණ ප්‍රතිඵල වාර්තා කර ඇත.