කොළඹ දේවි බාලිකා විද්‍යාලීය ශිෂ්‍යාවන්ගේ ක්‍රීඩා හා විෂය සමගාමී කුසලතාවයන් ඇගයීම සඳහා පවත්වනු ලබන "දේවි සියපත් " සම්මාන උළෙල නාහිල් විජේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්, ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සහභාගිත්වයෙන් එම විද්‍යාලයේ විමලා ද සිල්වා ශ්‍රවණාගාරයේදී පසුගිය 30 වන දා පැවැත්විණි.

එහිදී රන් සියපත් සම්මානයෙන් කේ.ඒ. සුපුල්මි තවින්සා පෙරේරා සිසුවිය පිදුම් ලැබූවාය.

එම අවස්ථාවට එම විද්‍යාලයේ විදුහල්පතිනි එච්.බී.එන්.ඩී.හපුගොඩ, නියෝජ්‍ය විදුහල්පති ඩබ්ලිව්.එම්.එන්.කේ. වික්‍රමසිංහ ඇතුළු ගුරුභවතුන් ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ඡායාරූප ඉසුරු පෙරේරා