පසුගියදා පැවැති ජාතික පාසල් දකුණු පළාත් 2026 පැසිපන්දු ශුරතාවලි තරගාවලියේ ශූරතාවයන් 03 ක් සමගින් අනුශූරතාවයක් දිනා ගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සමත් විය.
වයස අවුරුදු 20 න් පහල බාලක ශුරතාවය, වයස අවුරුදු 17 න් පහල බාලක ශූරතාවය සහ වයස අවුරුදු 20 න් පහල බාලිකා ශූරතාවය ධර්මාශෝක විද්‍යාලයට හිමි විය. එයට අමතරව වයස අවුරුදු 17 න් පහල බාලිකා අනුශුරතාවය දිනා ගත්තේද අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය විසිනි.
තරගාවලිය ගාල්ල, දඩල්ල ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තමිදු මධුසර ලියනගේ (I J)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd