වරකාපොල බෞද්ධ විද්‍යාලයේ පෙර පෝය වැඩසටහන ලෙසින් ඇසළ පෙරහරක් පසුගියදා පවත්වනු ලැබීය.

විදුහලේ සියලුම සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් මෙම පෙරහර පැවැත්වීය. විදුහලේ සිට වීදි සංචාරය
ආරම්භ කර වරකාපොල ඩඩ්ලි සේනානායක මාර්ගයේ ගමන් කර නැවතත් විදුහලට පැමිණ පෙරහර අවසන් කරනු ලැබීය. කස කරුවන්, බෙරකරුවන්, නිලමේ, සවරන් නැටුම්, ලී කෙළි, මොණර නැටුම් ආදී අංග ගණනාවකින් පෙරහර විචිත්‍රවත් කර තිබුණි. 1 ශ්‍රේණියේ සිට 5ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙන වරකාපොළ බෞද්ධ විද්‍යාලය ප්‍ර දේශයේ විශය සමගාමී මෙන්ම බාහිර වැඩසටහන්වලදී කැපී පෙනෙන දක්ෂතාවක් පෙන්වන පාසලකි.