ඇල්පිටිය, දිවිතුර දෙමළ මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද කෝවිල විවෘත කිරීම දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
ආගමික වටිනාකම් සහ සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කරමින් පාසල් පරිසරය තුළ අධ්‍යාත්මික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉදිකරන ලද මෙම කෝවිල සිසු දරුදැරියන්ගේ යහපත් චරිත ගොඩනැගීමට ද මහඟු පිටුබලයක් වනු ඇති බව මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා සදහන් කළේය. මෙවැනි වැදගත් අවස්ථාවකට සහභාගී වීමට ලැබීම තමන් ලද භාග්‍යයක් බවත්, පාසලේ අධ්‍යාපනික හා සංස්කෘතික දියුණුව වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ විදුහල්පති ආර් ක්‍රිෂ්ණන් මහතාගේ සේවය අගය කළ යුතු බවත් ආණ්ඩුකාරවරයා මෙහිදී වැඩි දුරටත් අවධාරණය කළේය.
විදුහල්පතිවරයාගේ සේවා කාලය තුළ පාසලේ භෞතික සම්පත් සංවර්ධනය, අධ්‍යාපනික ප්‍රතිඵල ඉහළ නැංවීම, සිසුන්ගේ විනය හා සාරධර්ම වර්ධනය කිරීම මෙන්ම පාසල සහ ප්‍රජාව අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඉටු කළ සේවය මෙහිදී විශේෂයෙන් ඇගයීමට ලක් විය. පාසලේ ආගමික හා අධ්‍යාපනික ගමන් මඟට නව ශක්තියක් එක් කළ සුවිශේෂී අවස්ථාවක් ලෙස සලකා විදුහල්පති ආර් ක්‍රිෂ්නන් මහතාගේ සේවය අගයමින් සමරු තිළිණයක්ද මෙහිදී පිළිගන්වනු ලැබීය.
මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා, ඇල්පිටිය, වැලිවිටිය සහ කරන්දෙණිය ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය, ආචාර්ය මණ්ඩලය, දරුදැරියන්, දෙමාපියන්, ආගමික නායකයන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී විය.




තමිදු මධුසර ලියනගේ (IJ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd