රජීව් අමරසූරිය යළි සභාපති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නීතීඥ රජීව් අමරසූරිය මහතා 2026/2027 වසර සඳහා යළිත් වරක් නිතරඟයෙන් පත් වී ඇති අතර එහි ලේකම්වරයා වශයෙන් නීතීඥ නලින් චන්දික ද සිල්වා මහතා තේරී පත්විය. 03 February 2026
ප්‍රභාත්ගේ පෙත්සම් විභාගය අවසන් වන තෙක් වරායේ තනතුරක් වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්යක්ෂ ධුරයෙන් ඉවත් කළ ප්‍රභාත් මලවිආරච්චි මහතා පෙත්සම් විභාගය අවසන් වන තෙක් එම අධිකාරියේ අතිරේක කළමණාකරණ අධ්යක්ෂ (මෙහෙයුම්) තනතුරේ පිහිටුවීම පියවර ගන්නා බව නීතිපතිවරයා අභියාචනාදීකරණයට අද දැනුම් දුන්නේය” 03 February 2026
කෙහෙළියගේ ඥාති සොහොයුරා රිමාන්ඩ් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අයථා ලෙස උපයා ගන්නා ලද මුදල් විශුද්ධිකරණය කිරීම ස`දහා සහාය ලබා දුන්නේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ ඥාතීයකු වන මැණික් ව්‍යාපාරිකයකු ලබන 10 වැනිදා දක්වා රිමාන්ඞ් බාරයේ ර`දවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා අද නියම කළේය” 03 February 2026
බලුකිස්තානයේ දි පාකිස්ථාන හමුදාවට ප්‍රබල ප්‍රහාරයක් තම සංවිධානය එල්ල කළ ප්‍රහාර මාලාවකින් පාකිස්තාන සටන්කාමීන්, පොලිස් නිලධාරීන්, බුද්ධි අංශ සහ ත්‍රස්ත මර්දන ඒකකවල සාමාජිකයින් 80 කට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි බලුකිස්තාන විමුක්ති හමුදාව පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 01 February 2026
පැලට ගිය ගොවියා අභිරහස් ලෙස මැරිලා තම හේනේ බඩ ඉරිඟු වගාව වනඅලීන්ගේ බේරා ගැනීමට ගිය ගෙවියකු අභිරහස් ලෙස මියගොස්හු ගේ මෘතදේහය ඔහු ලැගුන්ගත් පැලතුලදී හමුවීමෙි පුවතක් මීගලෑව පොලිස්බළප්රදේශයට අයත් ඇහැටුවැව ප්‍රාලේ කොටසේ පහළසියබළෑව ග්‍රාමයෙන් වාර්තාවිය. 01 February 2026
බිඳ වැටුණු ව්‍යාපාර ගොඩනගන්න නව චක්‍රලේඛයක් එයි ආපදා බලපෑම හේතුවෙන් ඇණහිට ඇති ව්‍යාපාර සඳහා සහන සැලසීම පිළිබඳ නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත. 30 January 2026
පරිපාලන පුරප්පාඩු පිරවීමට එරෙහි පෙත්සම 23 යළි කැඳවයි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වෙනි පන්තියේ දැනට පවතින පුරප්පාඩු 1500කට අධික සංඛ්‍යාව පිරවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වෙනි පන්තියට සමත් කිරීමේ විභාගයට පෙනී සිටි පිරිසක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන පෙබරවාරි 23 දින කරුණු තහවුරු කිරීමට සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. 29 January 2026
රැස්වීමක් අතරතුර පුද්ගලයකුට පහරදුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට කළුතර නගර මධ්‍යයේ හිටපු අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ගේ ප්‍රධානත්වයෙන් අද(28) පස්වරුවේ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරින් පිරිසක් පැවැත්වූ විරෝධතාවයක් අතරතුර පුද්ගලයකුට පහරදුන් කළුතර මහ නගර සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි . 28 January 2026
තරඟ පාවා දීමට බලපෑම් කළ බංග්ලියාට කෝටි දෙක හමාරක දඩයක් ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරඟ පාවාදීම සඳහා ක්‍රීඩකයන්ට බලපෑම් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ සම හිමිකාරීත්වය දැරූ බංග්ලාදේශ ජාතික ව්‍යාපාරිකයාට රුපියල් කෝටි 2 1/2ක දඩයක් කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ රණතුංග මහතා අද නියම කළේය. 28 January 2026
අරගලයේ දී හානි වූ නිවෙස්වලට වන්දි දුන් හැටි අධිකරණය විමසයි අරගල සමයේදී හිටපු මැති ඇමතිවරුන්ගේ නිවෙස් වලට පහරදීම් වලින් සිදුවූ අලාභහානිවලට වන්දි ගෙවීමේදී අක්රමිකතාවයන් කළැයි කියන සිද්ධීන් පිළිබඳව අධිකරණයට කරුණු පැහැදිලි කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිටපු ආරක්ෂක ඇමතිවරයාට හිටපු මහජන ආරක්ෂක ඇමතිවරයා ඇතුළු රටේ ආරක්ෂාව බාරව සිටි ඉහළම නිලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය. 28 January 2026
කෙසෙල්වත්තේ දිනුකට දින 90 ක රැදවුම් නියෝග ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබියදි ඉන්දියාවේ චෙන්නායි නුවර කොච්චි ගුවන්තොටුපලේදි අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ හේවා පේඩිගේ දිනූශ චතුරංග නොහොත් කෙසෙල්වත්තේ දිනුෂ නැමති සංවිධානාත්මක අපරාධකරුට එරෙහිව ඊයේ (26) දින 90 ක කාලයකට රැඳයුම් නියෝග ලබාගත්ෙ බව කෙසෙල් වත්ත පොලිසිය සඳහන් කරයි. 27 January 2026
හෙරොයින් සමඟ ඩබ්ලිව් පී සී දැලේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරියක් ඊයේ (26) හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 27 January 2026
නාමල්ට 9.30ට සීඅයිඩීයට එන්නැයි 9.50ට දන්වයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය ජනරජ දිනයට සහභාගිවීමට ඉන්දියාවට පිටත්ව ගොස් සිටියදී අද (26) පෙරවරු 9.30 ට සීඅයිඩීයේ පෙනී සිටින ලෙස පෙරවරු 9.50 ට තංගල්ල කාල්ටන් නිවසට පොලිසිය දැනුම් දුන් බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය. 26 January 2026
ලක් මව රනින් සරැසු ‘ටාවි ‘ ලංකාවට වයස අවුරුදු 11 න් පහළ ලොව අංක 01ස්ථානයේ පසුවන , ශ්‍රී ලාංකික මේස පන්දු ක්‍රීඩක ටාවි සමරවීර , බහරේනයේ සහ කටාර් රාජ්‍ය වල පැවති තවත් ලෝක ශ්‍රේණි ගත කිරීමේ තරගාවලි දෙකක් ජයග්‍රහණය කරමින් රන් පදක්කම් 02 ක් දිනා ගෙන අද(26) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියේය . 26 January 2026
කොළඹ වටේ හයර් ගිහින් රියදුරුගේ සේසතට විදලා කොළඹ වටේ තීරෝද රථයෙන් ගමන් ගිය පුද්ගලයා වැල්ල වත්තේදී ලබා දුන් කිරි පැකට්ටුව පානය කිරීමෙන් අනතුරුව ගල්කිස්සේදී මතකය නොමැති වු බවත් තම සන්තකයේ රුපියල් 1,125,200 ක් වටිනා රන් ආභරණ සහ මුදල් සොරාගෙන ගොස් ඇති බවට තීරෝද රථ රියදුරු විසින් දිනකට පසු කළුබෝවිල රෝහලේදී ප්‍රකාශයක් ලබාදී තිබූ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි. 23 January 2026
නන්දනගේ මරණය සැකයැයි සී.අයි.ඩියට පැමිණිල්ලක් හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතාගේ මරණය සැක සහිත යැයි ද ඒ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නැයිද ඉල්ලමින් ඔහුගේ සහෝදරිය වන මංගලා කරුණාරත්න මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (22) පැමිණිල්ලක් ඉදිරිපත් කළාය. 22 January 2026
ඉන්දීය සාගර වෙරලබඩ සන්ධානයක් හැදෙයි ඉන්දියානු සාගර වෙරළබඩ රාජ්‍ය සන්ධානය පිහිටුවීම සඳහා වන අවබෝධතා ගිවිසුමට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 21 January 2026
ගම්පහ ක්‍රයිම් OIC යළි රිමාන්ඩ් ව්‍යාපාරිකයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් ලක්ෂ තුනක් හා රන් පවම් තුන් කාලක අල්ලසක් ගත්තේ යැයි කියන ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 27 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (20) නියෝග කළේය . 20 January 2026
බොරු ප්‍රචාර ගැන අධිකරණ සේවා සංගමය තදින් සිටී අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමේ උත්සහයන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් අධිකරණ සේවා සංගමය අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇත” 20 January 2026
මහින්දානන්ද - නලින් අභියාචනයට දින දෙයි 2015 ජනාධිපතිවරණ සමයේ කැරම් බෝඞ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 නීතියට පටහැනි ලෙස මිලදීගෙන දේශපාලන අවශ්‍යතා මත ක්‍රීඩා සංගම් අතර බෙදා දීම මගින් රජය රුපියල් 53000000 කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවේ වරදකරු කර වසර 20 ක සිර දඬුවම් ලබා සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සහ හිටපු සතොස සභාපති නලීන් ප්‍රනාන්දු මහත්වරුන් එම දඬුවමට එරෙහිව ගොනුකොට ඇති අභියාචනා පෙත්සම් මාර්තු 09 වැනිදා විභාගය 20 January 2026
රෝෂන් තුෂාර ලෝකප්‍රකට වෙළෙඳ නාමයක් අනුකරණය කර නිෂ්පාදණය කළ ව්‍යාජ සුවඳ විලවුන් සන්තකයේ තබාගැනීම,අලවිය හා බෙදාහැරීම කළේ යැයි කියන පිටකොටුව ව්‍යාපාරිකයින් තිදෙනෙකුට රුපියල් ලක්ෂ හයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා නියම කළේය. 20 January 2026
තුවාල අලියා වනජීවියට බයේ හමුදා කඳවුරට රිංගයි පාදයේ ඇති වූ තුවාලයක් හේතුවෙන් මින්නේරිය වැවි ජලයෙහි බැස සිටි වන අලියකුට වන ජීවී නිලධාරීන් ප්‍රතිකාර කිරීමට සුදානම් වෙද්දී එම අලියා වැවෙන් ගොඩ වී මින්නේරිය යුදු හමුදා කඳවුර තුළට දිව ගොස් ඇත. 19 January 2026
නිකවැරැටියේ නිර්මාණකරුවෙක් සෝලා ජෙනියක් නිපදවයි සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන විදුලි උත්පාදක යන්ත්‍රයක් (සෝලා ජෙනරේටරයක්) පළමු වරට මෙරටදීම නිපදවා හඳුන්වා දීමට ශ්‍රී ලාංකීය නිර්මාණකරුවෙක් සමත්ව සිටී. 19 January 2026
විමල්ගේ නඩුවට කුරුදුවත්ත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිට නොතිසි එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ දී උද්ඝෝෂණයේ නිරත වෙමින් මාර්ග අවහිර කළේ යැයි කියන ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් හය දෙනෙකුට එරෙහි නඩුව සම්බන්ධයෙන් මාර්තු 09වැනි දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා කුරුදු වත්ත පොලිසියේ සුළු පැමිණිලි අංශ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කරමින් අද නියෝග කළේය. 19 January 2026
අසාත්මිකතා ඇති රෝගීන්ට විශේෂ අත් පළඳනාවක් ආහාර හෝ ඖෂධ හේතුවෙන් අසාත්මිකතාවන්ට ලක්වෙන රෝගීන් හඳුනාගෙන රෝහල්ගතවන ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂිත අත් පළඳනාවක් හඳුන්වා දීමට වතුපිටිවල මූලික රෝහල පියවර ගෙන තිබේ. 18 January 2026
විදුහල්පතිනිය පාසල් දරුවන්ගේ ආහර දිමනා මුදල් වංචා කොට එම මුදලින් සිය සැමියාගේ උපන් දින සාදය පැවැත්වු බවට මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියකට විරුද්ධව එල්ලවු සියළු චෝදනා තහවුරුවු බව උතුරු මැද ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ මහතා අද පැවසිය. 16 January 2026
මත්තල අලුත් කරන වාර්තා සකසා අවසන් හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් ආයෝජකයන් අභිලාෂ කැදවීමට අදාල වාර්තාව සකස් කර අවසන්ව ඇති බව වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පැවසීය. එම වාර්තාව ළඟදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේය. 16 January 2026
ප්‍රසන්නට විදෙස් තහනම ඉවත් කිරීම ගැන අධිකරණ සී.අයි.ඩියෙන් කරුණු විමසයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අයත් ආයතනවල සේවකයන්ට වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් ඍජුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ලබානොගෙන තැරැව්කාර සමාගමක් මැදිහත් කර රජයට පාඩු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට විදෙස් ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ස්ථාවරය ලබන 23 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕසද මිගාරච්චි මහතා අද (16) නියෝග කළේය. 16 January 2026
කල්පනීගේ මරණය වේරගලගේ බාර ගනී පසුගිය වසරේ අගෝස්තු මාසයේදී වේල්සයේ අගනුවර වන කාර්ඩීෆ් නගරයේදී ඝාතනයට ලක් වූ නිරෝධා කල්පනී නිවුන්හැල්ල මහත්මිය ඝාතනයට තමන් වරදකරු යැයි ඇයගෙන් වෙන් වූ සැමියා වන 37 හැවිරිදි තිසර වේරගලගේ අධිකරණයේදී පසුගියදා වරද පිළි ගත්තේය. 15 January 2026
සති අන්තයේ ඉන්ධන අර්බුදයක ඛනිජ තෙල් සංස්ථාව ලබන 17 වැනිදා සෙනසුරාදා ඉන්ධන බෙදාහැරිම නොකිරීම සහ අතිරේක ඉන්ධන තොග මිලදීගැනිම සදහා දුන් චෙක්පත් පහසුකම් ද ඉවත්කිරීම නිසා ඉදිරි සතිඅන්තයේ දෑඩි ඉන්ධන අර්බුදයක් ඇතිවනු ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගෙ සංගමය පැවසීය. 13 January 2026
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026