
(විමුක්ති එස් රුද්‍රිගු)
පසුගිය වසරේ අගෝස්තු මාසයේදී වේල්සයේ අගනුවර වන කාර්ඩීෆ් නගරයේදී ඝාතනයට ලක් වූ නිරෝධා කල්පනී නිවුන්හැල්ල මහත්මිය ඝාතනයට තමන් වරදකරු යැයි ඇයගෙන් වෙන් වූ සැමියා වන 37 හැවිරිදි තිසර වේරගලගේ අධිකරණයේදී පසුගියදා වරද පිළි ගත්තේය.
වේල්සයේ නිව්පෝර්ට් ක්‍රවුන් අධිකරණයේදී නඩුකාරය පසුගියදා කැඳවූ අවස්ථාවේදී වේරගලගේ , කල්පනී නිවුන්හැල්ල මහත්මිය පිහියෙන් ඇන ඝාතනයට කිරීමට වරද පිළිගෙන තිබිණි. නිවුන්හැල්ල මහත්මිය ඝාතනය කිරීමට තමන් නිර්දෝෂි යැයි වේරගලගේ මහතා මුල් අවස්ථාවේදී අධිකරණයේදී ප්‍රකාශ කර තිබූ අතර තියුණු ආයුදයක් ළඟ තබා ගැනීමට පමණක් වරද පිළිගෙන තිබුණේය.
වරද පිළිගැනීමෙන් අනතුරුව සැකකාර වේරගල එළැඹෙන පෙබරවාරි 20 වැනිදා දක්වා රිමාන්ඩ් ගත කිරීමට විනිසුරු ඩැනියෙල් විලියම්ස් නියෝග කර ඇති අතර එදිනට වරදකරුවට දඬුවම් නියම කිරීමට නියමිතය.
නිරෝධා දැඩිව තුවාල ලබා කාර්ඩිෆ් නගරයේ රිවර්සයිඩ් ප්‍රදේශයේ මාවතක මෝටර් රථ දෙකක් අතර වැටී සිටියදී පසුගිය වසරේ අගෝස්තු 21 වැනිදා එරට වේලාවෙන් උදෑසන 7.37 ට පමණ සොයාගෙන තිබූ අතර හදිසි ප්‍රථමාධාර ලබාදෙන්නන් එහිදී ඇයගේ ජීවිතය බේරා ගැනීමට දැඩිව උත්සාහයක් ගෙන තිබුණත් එම සියලු උත්සාහයන් අසාර්ථක වී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd