(බිමල් ශ්‍යාමන්   ජයසිංහ )

ජාත්‍යන්තර   රතු නිවේදන නිකුත් කර තිබියදි ඉන්දියාවේ චෙන්නායි නුවර කොච්චි ගුවන්තොටුපලේදි අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ හේවා පේඩිගේ  දිනූශ චතුරංග නොහොත් කෙසෙල්වත්තේ දිනුෂ නැමති සංවිධානාත්මක අපරාධකරුට එරෙහිව ඊයේ  (26) දින 90  ක කාලයකට රැඳයුම්  නියෝග ලබාගත්ෙ බව කෙසෙල් වත්ත පොලිසිය සඳහන් කරයි.

  ඒ  ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතියෙනි.

.වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව විවෘත වරෙන්තු ප්‍රකාරව සැකකරුට එරෙහිව එම  ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබියදී සැකකරු අත්අඩංගුවට පත් විය.

2023 වර්ෂයේදී වෙනත්  පුද්ගලයකුගේ නමින් සකසා ගත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් ඩුබායි රාජ්‍යය බලා පලා ගොස්   මාසික කුලිය රුපියල් ලක්ෂයක මුදලක් කාමරයකට ලබා දී ඇති නවාතැන් ගෙන සිටි බවට ප්‍රශ්න කිරීමේදී අනාවරණයණය වී ඇත.