(යොහාන් භාසුර)

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධනවල මිල ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (9) රාත්‍රී නිවේදනය කළේය.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 24 කින්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 13 කින් ඉහළ දැමූ බව නව මිල අද (9) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 303 ක්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 353 ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 317 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 365 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 195 ක් බව එම සංස්ථාව කීය.