(දයාරත්න ඇඹෝගම)

පාසල් දරුවන්ගේ ආහර දිමනා මුදල් වංචා කොට එම මුදලින් සිය සැමියාගේ උපන් දින සාදය පැවැත්වු බවට මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියකට විරුද්ධව එල්ලවු සියළු චෝදනා  තහවුරුවු බව උතුරු මැද ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ මහතා අද පැවසිය.

සිය පාසලේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන සිසුන්ට රජයෙන් ලබාදෙන දිවා ආහරය ලබානොදි එම මුදල් වංචා කොට පසුගිය 2022 වසරේ දෙසැම්බර් මස 05 වැනි දිනට යෙදි තිබු තම සැමියාගේ උපන් දිනයට වැය කොට තිබු බවට විදුහල්පතිවරියට චෝදනා එල්ලවි තිබුණි.

එම පාසලේ පාසල් සංවර්ධන සමිතියේ නිලධාරින් හා පාසල් දරැවන්ගේ දෙමාපියන් විසින් මේ සම්බන්ධයෙන් කලාප හා පළාත් අධ්‍යාපන බලධාරින්ට ලිඛිතව සිදුකළ පැමිණිලි මත මේ සම්බන්ධයෙන් බලධාරින් විසින් පරික්ෂණයක් ආරම්භ කොට තිබුණි.

දරැවන්ට මෙදින ආහාර පාසලින් නොසපයන බැවින් නිවසින් ලබාදෙන ලෙසට දෙමාපියන්ට දැණුම්දි පාසලින් දරැවන්ට ආහාර ලබාදුන් බවට ව්‍යාජ වවුචර්පත් සකස් කොට මුදල් වංචාකර ඇති බවට සිදුකළ පරික්ෂණයේදි අනාවරණයවි තිබේ.

එම වංචාකළ මුදලින් පාසල් දරැවන්ට ආහාර සපයන සැපයුම්කරැ ලවා සැමියාගේ උපන් දින සාදයට කිරිබත්,කොකිස්,කට්ටලට් හා කඩල පිසවා ගෙන තිබු බවත් දෙමාපියන් සිදුකළ පැමිණිල්ලේ සදහන්ය.

මෙම චෝදනා සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශණ කාලය තුලදි මෙම චෝදනාවට ලක්ව ඇති විදුහල්පතිනිය අධ්‍යාපන පරිපාලන විභාගයෙන් සමත්ව පරිපාලන නිලධාරිණියක් ලෙසට පත්විමට සුදුසුකම් ලබාසිටියද විෂමාචාර ක්‍රියාවක නිරතවිමේ හේතුවෙන් එම පත්විම අත්හිටුවිමට පියවර ගෙන ඇති බවත් උතුරැ මැද ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ මහතා පැවසිය.

මේ අතර වාර්ෂික ස්ථාන මාරැ ක්‍රියාවලිය යටතේ මෙම විදුහල්පතිනියගේ සැමියා ඇය සේවය කළ පාසලටම විදුහල්පතිවරයා ලෙසට ස්ථාන මාරැකිරිමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් ක්‍රියා කරමින් සිටින බවට ලංකා ගුරැ සංගමයේ සභාපති ප්‍රියන්න ප්‍රනාන්දු මහතා පවසයි.