(අංජුල මහික වීරරත්න)

හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතාගේ මරණය සැක සහිත යැයි ද ඒ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නැයිද ඉල්ලමින් ඔහුගේ  සහෝදරිය වන මංගලා කරුණාරත්න මහත්මිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අද (22) පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.

ඝාතනය කිරීමට තැත්කිරීමක් ඇතැයි  තම සහෝදර නන්දන ගුණතිලක මහතා අන්තර්ජාතික සංවිධානයකට පැමිණිලි කර තිබූ බව ඇය අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවාය.

තමා ඇතුළු තවත් තුන්දෙනකුට  මරණ තර්ජන එල්ල එල්ල කර  තිබෙන බවට තම සහෝදරයා සමාජ මාධ්‍යයේ සටහනක් තබා තිබූ බවද ඇය කීවාය.

මේ හේතු මත සහෝදරයා ඝාතනය කළා යැයි සැකයක් තමාට තිබෙන බැවින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවද නන්දන ගුණතිලක මහතාගේ සහෝදරිය කීවාය.