(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොළඹ වටේ තීරෝද රථයෙන් ගමන් ගිය පුද්ගලයා වැල්ල වත්තේදී ලබා දුන් කිරි පැකට්ටුව පානය කිරීමෙන් අනතුරුව  ගල්කිස්සේදී මතකය නොමැති වු බවත් තම සන්තකයේ  රුපියල් 1,125,200 ක් වටිනා රන් ආභරණ සහ මුදල් සොරාගෙන ගොස් ඇති බවට තීරෝද රථ රියදුරු විසින් දිනකට පසු කළුබෝවිල රෝහලේදී ප්‍රකාශයක් ලබාදී  තිබූ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.

සොරාගෙන ගොස් තිබූ දේපළ අතර පවුම් 04 ක්   පමණ වන බොක්ස් හැඩයේ රන්මාලය  , පවුම් 1-  1/2  ක රන් මුදුව , නවරත්න ගල් අල්වන ලද රිදී මුදුව හා මුදල් රුපියල් 10,200 වන බව එම පැමිණිල්ලේ සඳහන්ය.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ කැලණිය , දියගම පාර පට්ටිය හන්දිය පදිංචියේ 63 හැවිරිදි පුද්ගලයෙකි.

ත්‍රිරෝද රියදුරුත් ඔහුට අයත් රථයෙන් කුලී ගමන් යාම සඳහා නුගේගොඩ ප්‍රදේශයේ කුලී ආයතනයට පැමිණ ඇති අතර එම ස්ථානයේ සිට කොළඹ දෙසට ගමන් කිරීමට කුලී ගමනක් ලබා ගෙන ඇති අතර පසුව කුලී ගමන් කීපයක් ලබා ගැනීමෙන් පසුව කොළඹ ආමර් වීදිය ප්‍රදේශයෙන් කොටුව බස් නැවතුම්පොළ වෙත කුලී ගමනක් යාමට අවශ්‍ය බව පවසා පුද්ගලයන් දෙදෙනෙකුත් තීරෝද රථයට ගොඩ වී ඇතැයි පොලීසිය කියයි.