බදුල්ල-කොළඹ දුම්රිය ධාවනයට නිශ්චිත දිනයක් නෑ දිට්වා සුලි කුණාටුවත් සමග පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී නායයාමට ලක්ව අවහිර වී හානිවී ඇති උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය වනදිනය නිශ්චිත වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 11 December 2025
බගවන්තලාව ශාන්ත මේරිස් විදුහල ගිලා බැසීමේ අවදානමක? “දිට්වා” සුලි කුණාටුවත් සමඟ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ශාන්ත මේරිස් විද්‍යාලයේ පහත් බිම්වල පිහිටි ගොඩනැගිලි 6ක් ජාතික ගොඩනැගිලි පර්යේෂානයතනයේ නිළධාරින් පරික්ෂාවට ලක් කර ඇත. 11 December 2025
පිච්ච මල් විහාරය අවදානමක ගෝමරංකඩවල පුරාවිද්‍යා කලාපයට අයත් කුච්චවේලි සමුද්‍රගිරි පිච්චමල් විහාරය පිහිටි ශේෂ කඳු ගැටයේ එක් ස්ථානයක විශාල ගලක් ගැලවී තවත් කුඩා ගලක රැඳී තිබෙන බවත් එම විශාල ගල ගැලවී වැටුනහොත් පහළ ඇති දාගැබ් දාසය සහිත කැටයමකට හා ශිලා ලේඛනයට හානි සිදුවිය හැකි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 December 2025
‘දිට්වා‘ කුණාටුවෙන් අතුරුදන් පුද්ගලයන්ට මරණ සහතික දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වයෙන් අතුරුදන් වූ පුද්ගලයන් 203 දෙනකුට මරණ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 10 December 2025
බියගම පිරිසිදු කරයි බියගම ප්‍රදේශය ගං වතුර තත්වය හමුවේ විශාල ලෙස හානියට ලක්වූ අතර,ප්‍රදේශය පුරා එක්රැස් වී තිබූ කැලිකසල ටොන් ගණනක් ඉවත් කිරීමට දින කීපයක කඩිනම් මෙහෙයුමක් ආරම්භ කළ බව බියගම ප්‍රාදේශීය සභා සදහන් කරයි. 10 December 2025
දේශක දමින්ද දිසානායකත් රට නගන අරමුදලට දායක වෙයි රාජ්‍ය සේවා තරග විභාග පිළිබඳ ප්‍රවීණ දේශක ලේඛක දමින්ද දිසානායක මහතා දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියනයක් පරිත්‍යාග කළේය. 09 December 2025
’’රිවස්ටන්’’ චිත්‍රපටයට ජාත්‍යන්තර සම්මාන දෙකක් 36 වන සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී (Singapore International Film Festival) ආසියානූ වෘතාන්ත චිත්‍රපට අංශයෙන් ඉදිරිපත් වූ, ශ්‍රී ලංකාවේ ’’රිවස්ටන්’’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ලලිත් රත්නායකට හොදම අධ්යක්ෂවරයාට හිමි සම්මානයත්, එම චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දුන් මහේන්ද්‍ර පෙරේරාට හොදම රංගනය වෙනුවෙන් පිරිනැමූ ’’සිල්වර් ස්ක්‍රීන් සම්මානයත්’’ (Silver Screen Award) දිනා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (08) රාත්‍රියේ පැමිණියහ. 09 December 2025
“ආනවිළුන්දාවේ රැම්සා අභය භුමියේ වැව් දෙකක් කැඩෙයි පැවති මහ වැසි හේතුවෙන් ඇතිවු ගංවතුරීන් ආනවිළුන්දාව රැම්සා අභය භුමිය තුළ පිහිටි වැව් පද්ධතියට දරුණු ලෙස හානි සිදුව ඇති බව ආනවිළුන්දාව උද්‍යාන භාර අඩවි ආරක්ෂක එච්.එම්.අජීත් කුමාර මහතා පවසයි. 08 December 2025
අනතුරු ඇඟෙව්වත් බේරා ගැනීමේ ක්‍රමයක් තිබුණේ නෑ ඉකුත් 26 වැනිදා සුළි කුණාටු තත්වයක් වර්ධනය විය හැකි බවට ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව පසුගිය 23 වැනිදා සිට පැය තුනෙන් තුනට සහ හයෙන් හයට කාලගුණ යාවත් කාලීන කිරීම් ලබා දී තිබුණත් එවැනි තත්වයකට මුහුණ දීමට සහ කෙටි දැනුම්දීමකින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ හැකි පුළුල් ඉවත් කිරීමේ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව සතුව නොතිබූ බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත පසුගියදා වාර්තා කළේය. 07 December 2025
සේසතම අහිමි වූ තිදරු පියා කුළු හරක් පහරින් මරුට වතුරට ගසාගෙන ගිය තම නිවසේ බඩු භාණ්ඩ එකතු කර ගැනීමට ගිය විටදී කුළුහරෙකුගේ පහර දීමෙන් දින පහක කාලයක් පොළොන්නරුව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි මනම්පිටිය මාගංතොට අංක 93 ලිපිනයේ පදිංචිව සිටි රොෂාන් කුමාරසිරි මිය ගියේය. 07 December 2025
’’අපහසුතාවක් නොවන ලෙස ශ්‍රීපාද වන්දනා සමය සිදු කරන්න’’ මෙවර ශ්‍රීපාද වන්දනාවාරය මහජනතාවට අපහසුතාවයක් නොවන ආකාරයට පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිළධාරින්ට උපදෙස් ලබා දී ඇති බවට ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියෝ පැවසූහ. 05 December 2025
පුත්තලමේ එළවලු -පළතුරු අක්කර 15000ක් විනාශයි මහ වැසිත් සමඟ ගලා ආ දැවැන්ත ජල කදට කල්පිටිය අර්ධද්විපයෙ එළවළු හා පළතුරු අක්කර 15000 කට වැඩි ප්‍රමාණයක් විනාශ වි ඇති බවත් එහි පාඩුව රුපියල් කෝටි සිය ගණනක තරමක අලාභයක් සිදුව ඇති බව කල්පිටිය වගාකරුවෝ පවසති. 05 December 2025
ජල ගැල්මෙන් පේරාදෙණිය සරසවියට කෝටි 300ක පාඩුවක් මහවැලි ගඟ උතුරායාමෙන් ඇති වූ ජල ගැල්මෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට රුපියල් කෝටි 300ක පමණ පාඩුවක් වී ඇතැයි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය. 04 December 2025
උඳුවප් පුන් පෝය අද (4) දිනයට යෙදී තිබේ. වසරේ අවසන් පෝය වන උඳුවප් පෝය ශාසන ඉතිහාසයේ විශේෂ පෝයක් වන අතර එම පෝය ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසයට වඩාත් වැඳගත්ය. 04 December 2025
කොටස් වෙළඳපොල හොරුන්ට වැට බදියි කොටස් වෙළඳපොලේ මුදල් ආයෝජනය කර ප්රතිලාභ ලබා දෙන බවට අඟවන ව්‍යාජ පෝස්ට් මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ උඩුගත කර මුදල් වංචා කිරීමට තැත් කළ සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් . බෝදරගම මහතා රහස් පොලිසියට නියෝග කළේය. 03 December 2025
මහ වැස්සෙන් අ‘පුර ජන ජීවිතයටත් බාධා දින ගණනාවක් තිස්සේ ඇද හැලෙන වැසි සමඟ අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව පවුල් 400 පුද්ගලයන් 1000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පැවසීය. 27 November 2025
නාඋල ප්‍ර.ස අය වැය සම්මතයි ජාතික ජන බලවේගයට බලය හිමි නාඋල ප්‍රාදේශිය සභා 2026 අය වැය වැඩි ඡන්ද තුනකින් අද (27) සම්මත විය. 27 November 2025
දිවුලපිටිය අයවැයත් සම්මතයි දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ 2026 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද හතරකින් ඊයේ (27) සභා සම්මත විය. 27 November 2025
නෝර්වුඩ් ප්‍රා.ලේ සේවකයින් උද්ඝෝෂණයක නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් සහ එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය ලබා ගන්නා සේවා ලාභීන් එක්වඅද (27) දින දහවල් එම කාර්යාලටය ඉදිරිපිට උද්ගෝෂණයක නිරතව සිට පසුව නිවාඩු ලබා සේවා ස්ථානවලින් බැහැරව ගියහ. 27 November 2025
වැසි අපදාවෙන් මහනුවර 5ක් මරුට මහනුවර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 05 දෙනෙකු මරණයට පත්ව ඇති බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියයි. 27 November 2025
මත් සැකකරුවෝ 860 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 860 ක් ඊයේ (26) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 27 November 2025
වැස්සෙන් සුළඟින් උතුරේ ජන ජීවිතයටත් බාධා නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව, ගංවතුර හා සුළං හේතුවෙන් මේ වන විට උතුරේ පවුල් 400 කට අධික පුද්ගලයින් 1500 කට ආසන්න ප්‍රමාණයක් විපතට පත්ව ඇතැයි දිස්ත්‍රීක් භාර ආපදා කලමනාකරන ඒකකයන් විසින් පෙන්ව දෙයි. 27 November 2025
වෙළදසැලක සිරවී සිටි පිරිසක් බේරා ගැනෙති නුවරඑලිය ලෝෂන් වීදිය වෙළදසැලක වැසි ජලයෙන් යට වී සිටි පිරිසක් අද (27) මුදා ගැනීමට නුවරඑලිය ගිනි නිවන ඒකකයේ නිළධාරින් සහ නුවරඑලිය කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් සමත් වී ඇත. 27 November 2025
පවුල් 1158 කට කාලගුණ හානි අයහපත් කාලගුණය නිසා රට පුරා පවුල් 1158ක් බලපෑමට ලක්ව ඇතැයි රජය පවසයි. 27 November 2025
රත් හඳුන්- මුව අං තට්ටු සමඟ අයෙක් අල්ලයි නීති විරෝධී අයුරින් රුපියල් ලක්ෂ විස්සකට අධීක වටිනා රත් හඳුන් තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අද (26) පස්යාලේදී අත්අඩංගුවට ගෙන තිබේ. 26 November 2025
යූරි ගගාරින් පළමු ශිෂ්‍යත්ව ලාබිය හෙට රුසියාවට අජටාකාශගාමී යූරි ගගාරින් ශ්‍රි ලංකාවට පැමිණ වසර 64ක් පිරීම නිමිත්තෙන් රත්නපුර හිදැල්ලන මධ්‍ය විද්‍යාලයේ දරුවන් අතරින් තෝරා ගත් පළමු ශිෂ්යත්වලාභීයා දිනිදු දුල්නාත් ශිෂ්‍යයා අද (26) රුසියාව බලායාමට නියමිතය. 25 November 2025
වට්ටකන්ඩල් කඩොලාන වැනසු 6ක් රිමාන්ඩ් වනාතවිල්ලුව වට්ටකන්ඩල් කලපුවේ කඩොලාන කපා වැනසු හය දෙනෙකු 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම අංක 3 මහෙස්ත්‍රාත් එස්.ජී.ඩන්කන් මධුරංග අබේනායක මහතා නියෝග කළේය. 24 November 2025
මිදිගම සිද්ධියේ තවත් සැකකරුවෙක් මාට්ටු මිදිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඇතුළු හත්දෙනකු ඝාතනය කිරිම සදහා සැලසුම් කරමින් සිටි සිද්ධිය සම්බන්ධ පලාගිය තවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි . 24 November 2025
බැසිල් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ශරීරයේ වම්පස හිරිවැටීමේ රෝගී තත්වයක් පවතින බැවින් මාතර බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් රුපියල් මිලියන හැටකට මිලදී ගැනීම සම්බන්ධනඩුවට පෙනී සිටීම සදහා ගුවන් ටිකට් පත පළමුව වෙන්කරගෙන පසුව එය අවලංගු කරගෙන ඇති බවමාතර මහේස්ත්‍රාත් අධිකරණයේ ඉකුත් සිකුරාදා (21) පැවැති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාගයේදී අනාවරණය විය. 23 November 2025
හෘද රෝගීන් 9600 සැත්කම්වලට පෝලිමේ කොළඹ ජාතික රෝහලේ ‘බයිපාස්’ හෘද සැත්කම් සඳහා 9600කගේ දිගු පෝලිමක් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. 23 November 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026