(විමුක්ති එස්. රුද්‍රිගු)
ඉකුත් 26 වැනිදා සුළි කුණාටු තත්වයක් වර්ධනය විය හැකි බවට ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව පසුගිය 23 වැනිදා සිට පැය තුනෙන් තුනට සහ හයෙන් හයට කාලගුණ යාවත් කාලීන කිරීම් ලබා දී තිබුණත් එවැනි තත්වයකට මුහුණ දීමට සහ කෙටි දැනුම්දීමකින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කළ හැකි පුළුල් ඉවත් කිරීමේ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව සතුව නොතිබූ බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත පසුගියදා වාර්තා කළේය.
දිට්වා සුළි කුණාටුව පිළිබඳව පෙර අනතුරු ඇඟවීම් දී තිබුණත්, සුළි කුණාටුවේ ගමන් මග පිළිබඳව ශ්‍රී ලංකාව කලින් දැන සිටියත්, ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට හැකියාව ලැබී ඇත්තේ සීමිත ජනතාවක් පමණක් බව ද එම පුවත්පත පෙන්වා දී ඇත
බංග්ලාදේශයේ, මාලදිවයින, මියන්මාරය, ඕමානය, පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවලට ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව සාමාන්‍යයෙන් යාවත් කාලීන කිරීම් ලබා දෙන බවත් දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් සියලුම තොරතුරු ද ශ්‍රී ලංකාව සමග සාමාන්‍ය ආකාරයෙන් බෙදාගත් බවත් ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.
ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මෘතියුන්ජේ මොපාත්‍රාට අනුව අවපීඩන තත්වයක් ඇති විය හැකි බවට ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රථම වරට පසුගිය 13 වැනිදා පුරෝකතනය කර ඇති අතර එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ චක්‍රයක් බවට පත්විය හැකි බවට පසුගිය 20 වැනිදා අනතුරු ඇගවීමක් නිකුත් කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd