
(නිමල් ජයරත්න)
වතුරට ගසාගෙන ගිය තම නිවසේ බඩු භාණ්ඩ එකතු කර ගැනීමට ගිය විටදී කුළුහරෙකුගේ පහර දීමෙන් දින පහක කාලයක් පොළොන්නරුව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි මනම්පිටිය මාගංතොට අංක 93 ලිපිනයේ පදිංචිව සිටි රොෂාන් කුමාරසිරි මිය ගියේය.
ඉකුත් 30 වෙනිදා ඔහු නිවස ආසන්නයේදී කුළු හරකෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් දෙහිඅත්තකණ්ඩියට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වය පසු වන හෙයින් ඔහු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබිනි.
දියණියන් සිව් දෙනෙකුගෙන් යුත් පියෙකු වන රොෂාන් කුමාරසිරිගේ නිවස පසුගියදා ගංවතුරට හසුවීමෙන් පසු ගසාගෙන ගිය වලං,මුට්ටි, සහ අනෙකුත් උපකරණ සොයා වන ලැහැබට ගිය විටදී කුළු හරකෙකුගේ ප්‍රහාරයට ලක් විය.
මෙම සංවේදී කතාව ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ගතවීමත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශ හදවත් සසළු වූ මනුෂ්‍යත්වයෙන් පොහොසත් මිනිසුන් මෙම අසරණ පවුලට උදව් උපකාර කිරීම සඳහා ගම්මානයට පැමිණියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කණගාටුයි...