(ප්‍රසාද් රුක්මල් )

දිට්වා සුලි කුණාටුවත් සමග පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී නායයාමට ලක්ව අවහිර වී හානිවී  ඇති උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල  කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය වනදිනය නිශ්චිත වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

බදුල්ල සිට නානුඔය දුම්රිය ස්ථාන දක්වා දුම්රිය මාර්ගයට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී ඇති අතර ඇතම් ස්ථානවල දුම්රිය මාර්ගය නායයාමට ලක්ව  දැඩි ලෙස  අලාභහානිවී ඇතයි දුම්රිය බළධාරින් කීහ .

දැනට දුම්රියන් දෙපාර්තමේන්තුවේ සේවක පිරිස් විසින්  හමුදා සහය මත   දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති පස්කදු ගල්පර්වත ගස්කොළන් ඉවත් කර දුම්රිය මාර්ගය පිළිසකර කිරිමේ කටයුතු දිගටම සිදුකරගෙන යන බවත් , පවතින වර්ශාව එම කටයුතු වලට බාධාවක් වී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේය .