
(රෙමේෂ් මධුෂංඛ)
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව, ගංවතුර හා සුළං හේතුවෙන් මේ වන විට උතුරේ පවුල් 400 කට අධික පුද්ගලයින් 1500 කට ආසන්න ප්‍රමාණයක් විපතට පත්ව ඇතැයි දිස්ත්‍රීක් භාර ආපදා කලමනාකරන ඒකකයන් විසින් පෙන්ව දෙයි.
පවතින අයහපත් කාලගුණික තත්වය වැඩිවශයෙන් බලපා ඇත්තේ යාපනය දිස්ත්‍රීක්කයට වන අතර එහි පවුල් 300 කට අධික පුද්ගලයින් දහසකට අධික ප්‍රමණයක් විපතට පත්ව ඇතැයි වාර්ථා වෙයි.
මේ අතර වර්ෂාවට අමතරව දැඩි සුලි කුණාටු තත්වයක් උතුරු මුහුදු සීමාවේ පවතින් බැවින් උතුරේ ධීවරයින්ද අද දින ධීවර කටයුතු වලින් වැලකී සිටි අතරම සුලි සුලං හා ගංවතුර තත්වයන් හේතුවෙන් උතුරු පලාතේ නිවාස 23 කට හානි සිදුව ඇතැයිද ආපදා කළමණාකරණ ඒකකය විසින් පෙන්වා දෙයි.
පවතින අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් ගංවතුර මෙන්ම වැව් වාන් දැමීම හේතුවෙන් ජලගැලීම් ඇතිවය හැකි බැවින් පහත්බිම් වල ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසටද ආපදාකලමනාකරන ඒකක නිලධාරීන් විසින් ජනතාවට දැනුම් දී තිබේ.


2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැස්සෙන් සුළඟින් උතුරේ ජන ජීවිතයටත් බාධා