( ෂේන් සෙනවිරත්න)
මහනුවර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 05 දෙනෙකු මරණයට පත්ව ඇති බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියයි.
පාතහේවාහැට මැදගම නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් අවුරුදු 76 හය සහ 78 වයස්වල දෙදෙනෙකු මරණයට පත්ව ඇති අතර උඩුදුම්බර ප්‍රදේශයේ සිදු වූ ආපදා හේතුවෙන් 03 දෙනෙකු මරණයට පත්ව ඇතැයි මහනුවර දිස්ත්‍රික් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹුක්ගොල්ල මැදිවක දේවින්නේගම සහ මූණමලේ පැලැස්ස යන ග්‍රාම නිලධාරී වසම්වල පවුල් 04 ක පුද්ගලයන් 10 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බවත් එම කොට්ඨාසයේ නිවාස 02 කට හානි සිදුව ඇති බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
ජල ගැලීම් වාන් ජලයෙන් යටවීම සහ නාය යාම හේතුවෙන් හසලක වේරගම සහ උඩගල්දෙබොක්ක යන ප්‍රදේශවල පුද්ගලයන් 64 දෙනකු අවතැන්ව ඇති බවද කියයි.
එමෙන්ම පස්භාගේ කෝරළය, පැණිතුඩුව, දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවුස්සාව ගලහා සහ වාඩියගොඩද පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වළල, දොරගමුව, කැන්දලියද්ද සහ මීගම්මන බටහිර ග්‍රාම නිලධාරී වසම් වලටද ආපදා හේතුවෙන් බලපෑම් සිදුව තිබේ.
එම ආපදා ඇතුළුව ගතවූ පැය විසි හතරක කාලය තුළ සිදුවූ ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 99ක සාමාජික සාමාජිකාවන් 318 දෙනකු ස්වභාවික විපත් ආපදාවන්ට පත්ව ඇති බවත් ඒ අතරින් අවතැන් වූ පුද්ගලයන් 89 දෙනෙකු ආරක්ෂක මධ්‍යස්ථාන තුළ තාවකාලිකව රැඳවීමට කටයුතු කොට ඇතැයි ද එම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක ඉන්දික රණවීර මහතා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd